gossiplanka alexa වෙඩි හුවමාරුවක දී මාකඳුරේ මධුෂ් ජීවිතක්ෂයට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වෙඩි හුවමාරුවක දී මාකඳුරේ මධුෂ් ජීවිතක්ෂයට

පරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිට කොළඹ අපරාධ කොට්ඨාශයට භාර කෙරුණු මාකඳුරේ මධුෂ් නැමැත්තා මාළිගාවත්ත ප්‍රදේශයේ සිදු වූ වෙඩි හුවමාරුවක දී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 

ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මධුෂ් මාළිගාවත්ත නිවාස සංකීර්ණයේ සඟවා තිබූ හෙරොයින් තොගයක් සොයා ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරින් විසින් ‍රැගෙන ගොස් තිබුණා. 
එම අවස්ථාවේ දී මාළිගාවත්ත ප්‍රදේශයේ සැඟව සිටි මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් පිරිසක් සමඟ වෙඩි හුවමාරුවක් ඇති වී තිබෙනවා. එහි දි ඊට මැදි වූ මාකඳුරේ මධුෂ් ජීවිතක්ෂයට පත් වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටින්නේ.

මෙම වෙඩි හුවමාරුවෙන් කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරින් දෙදෙනෙකුද තුවාල ලබා තිබෙන බව සඳහන්.

මෙහිදී සිදුකල සෝදිසියක දී රුපියල් කෝටි 22ක් වටිනා හෙරොයින් මත්කුඩු කිලෝ 22ක්, පිස්තෝල දෙකක් සහ යතුරුපැදියක් අත් අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu