gossiplanka alexa හැටන් නගරය සහ වතුකරයේ ප්‍රධාන නගර සියල්ල වසා දමයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

හැටන් නගරය සහ වතුකරයේ ප්‍රධාන නගර සියල්ල වසා දමයි

හැටන් දික් ඔය නගරයේ සියළුම වෙළඳසැල් වසා දැමීමට තීරණය කර තිබෙනවා. මේ වන විට හැටන් නගරය හුදකලා කිරීමට ද පියවර ගෙන තිබෙනවා. ඒ නව කොරෝනා වෛරසය ආසාදිතයින් 10ක් සොයා ගැනීමත් සමඟයි.

එම සියළු වෙළඳසැල් අද දිනයේ දී (27) විෂබීජහරණයට ලක් කිරීමට නියමිතයි.

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළින් මාළු ගෙනවිත් හැටන් මහජන පොළේ විකිණූ වෙළෙන්දෙකුට වෛරසය ආසාදනය වී ඇති බව සැලවීමත් සමඟ ඔහුගේ ආශ්‍රිතයින් ද පී.සී.ආර් පරීක්ෂාවට ලක් කලා. එහිදී ඔහුගේ පවුලේ සාමාජිකයින් 4ක්ට, හැටන් මහජන වෙළඳපොලේ ව්‍යාපාරිකයින් 05කට සහ මාළු වෙළෙන්දාගේ රියදුරාට වෛරසය ආසාදිත බව තහවුරු වී තිබෙනවා.

එම රෝගීන්ගේ ආශ්‍රිතයින් 200කට වැඩි පිරිසක් ඔවුන්ගේ නිවෙස් තුළම ස්වයං නිරෝධායනයට ලක් කර සිටින අතර වෛරස ආසාදිත රෝගීන් ප්‍රතිකාර සඳහා මධ්‍යස්ථානවෙත යොමු කර තිබෙනවා.

මීට අමතරව කොටගල , බගවන්තලාව, නොර්වුඩ් යන නගරද අද දිනයේ වසා දැමෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu