gossiplanka alexa මුදල් නෝට්‍ටු මත මාසයක කාලයක් කොරෝනා වෛරසය පවතිනවා - තවත් අනාවරණ ‍රැසක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මුදල් නෝට්‍ටු මත මාසයක කාලයක් කොරෝනා වෛරසය පවතිනවා - තවත් අනාවරණ ‍රැසක්

ස්ට්‍රේලියාවේ ජාතික විද්‍යා ඒජන්සිය විසින් සිදු කල පර්යේෂණයකින් හෙළි වී ඇත්තේ ජංගම දුරකතන තිර, මුදල් නෝට්‍ටු සහ මල නොබැ‍ඳෙන වානේ (ස්ටේන්ලස් ස්ටීල්) පෘෂ්ඨ මත නව කොරෝනා වෛරසය මාසයකට ආසන්න කාලයක් නොනැසී පවතින බවයි.

මෙම වෛරසය එම පෘෂ්ඨ මත දින 28ක කාලයක් නොනැසී පැවතිය හැකි බව පර්යේෂකයින් පවසනවා.

එසේම එම පර්යේණ මඟින් පහත කරුණු ද අනාවරණය වී තිබෙනවා. 

01. සීතල උෂ්ණත්වය මත වෛරසයට නොනැසී පැවතිය හැකි බව

02. වීදුරු සහ මල මල නොබැදෙන වානේ වැනි සුමට මතුපිට සමග සැසදීමේදී කපු වැනි පෘෂ්ඨයන් මත වෛරසයට වැඩි කාලයක් නොනැසී පැවතිය හැකි බව

03. වාතයේ අංශුවල පැතිරී ඇති කොරෝනා වෛරසයට පැය 03ක කාලයක් නොනැසී පැවතිය හැකි බව

වෛරසයෙන් ආරක්ෂා වීමට නම් සෑම විටම දෑත් පිරිසිදුව තබා ගත යුතු බව පර්යේෂකයින් පවසනවා. මුදල් වෙනුවට විද්‍යුත් ගෙවීම් ක්‍රම භාවිතා කිරිමේ වැදගත්කමද මෙහිදී ඔවුන් පැහැදිලි කර තිබෙනවා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu