gossiplanka alexa 2035 වන විට ලංකාවේ පිළිකා සුනාමියක්, පරමායුෂ 35 යි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

2035 වන විට ලංකාවේ පිළිකා සුනාමියක්, පරමායුෂ 35 යි

2
035 වන විට ලංකාවේ පිළිකා සුනාමියක් ඇති වන බවත් 2050 වන විට ලංකාවේ වැඩිහිටියෙකුගේ පරමායුෂ අවුරුදු 35ක් විය හැකි බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. 

බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ආනන්ද මංජුල මහතා බලංගොඩ උත්සවයකට සහභාගී වෙමින් මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

''2035 වන විට ලංකාවේ පිළිකා සුනාමියක් ඇතිවනවා. සුනාමියක් යන වචනයෙන්ම එය අර්ථ දක්වා තිබෙනවා. ලංකාවේ වැඩිහිටියෙකුගේ දැනට අවුරුදු හෑත්තෑ පහක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් වන පරමායුෂ 2050වන විට අවුරුදු 35ක් දක්වා ලඝු වනවා. උපරිම අවුරුදු 35කටාඅයු කාලය සීමා වනවා. තවත් ලෙසකින් මෙය කියනවා නම් අම්මලා තාත්තලාට සිද්ධ වෙනවා ඔවුන්ගේ දරුවන්ගේ සොහොන් කොත්වල පහන් පත්තුකරන්න. ලෝක සෞඛ්‍ය සංවිධානය මේකට හේතුව ලෙස පෙන්වා දෙන්නේ අපගේ වැරදි ආහාර රටාව.

ගර්භණී මවුවරුන් සිතට ගත යුතුයි ඔබගෙ ලැබෙන්න ඉන්න වාසනාවන්ත දරුවාට ජතියේ ආනාගතය භාර දෙන්න ඉන්න දරුවාට කවදාවත් පිටිකිරි පොවන්නේ නෑ කියලා. ආනයනිම කිර්පිටිවල අපි නොදනන් භයානක දේවල් තියනවා. අපගේ මේ පිළිකා ප්‍රවර්ධනයට ලොකු දායකත්වයක් සපයනවා. සකස් කල ආහාරවලට එකතු කරන රසායනික ද්‍රව්‍ය පිළිකාකාරකයි කියලා 100%ක් ඔප්පු වී තියනවා. අපි භාවිතා කරන සුප් කැට, ව්විධ නම් වලින් එන මික්ස් එහෙම නැත්නම් මොටෝ කියලා එන ඒවා පිළිකාකාරකයි කියලා අපි දන්නවා.

අපේ ආහාර නිෂ්පාදකයෝ ඒව පාවිච්චි කරනවා කියලා අපි හොඳාකාරවම දන්නවා. අපේ තියන කාර්යබහුලත්වය නිසා අපට තියෙන කාලය කළමණාකරණය කර ගැනීමේ හැකියාව අසු නිසා ඒවට අපි පුරුදු වනවා. අපේ දරුවොත් පුරුදු කරනවා. අපගේ දරුවන්ට ඔබගේ දරුවන්ට කන්නට දෙන්නෙ අනැ කියන ආකල්පය දැඩි ලෙස සිතට ගන්න. මොකද අපි දරුවන්ගෙන් ජාතිය පෝෂණය කළාට වැඩක් නෑ. උපරිම ආයුෂ කාලය ජීවත් වෙන්න බැරිනම්. ඒ වගේම තවත් වැදගත්ම කරුණක් තමයි අපගේ වැරදි ජීවන රටාව. අපේ දරුවන්ට සෙල්ලම් කරන්න වෙලාවක් නෑ. නියමිත ක්‍රීඩා අභ්‍යාස ශරීර සුවතාව ලැබෙන්නෙ නෑ. මානසිකව ඔවුන්ට අවශ්‍ය නිදහස නෑ. අපගේ තැඹිලි පොල් වතුර විසි කරලා විනාශ වන්නට අහෙරලා පිටරටින් එන කෝලාවලට අපි හුරු කරනවා. ඒවා පිළිකාකාරකයි කියලා මුළු ලෝකෙටම ඔප්පු වෙලා තියනවා.

අවිවේකී ජීවන රටාව, ව්‍යායාම මඳ බවත් බෝ නොවන රෝගවලට මූලික හේතුවක්

අපේ රටේ මේ තාක්කල් මේ විදියට ‍රැකුණේ බෞද්ධ සංස්කෘතියෙන් අපට ලැබුණු දේවල් නිසා. ඒ උරුමය අපේ ඉදිරි පරම්පරාවට ‍රැගෙන යාම අප සතු වගකීමක්''

උපුටා ගැනීම මවුබිම

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu