gossiplanka alexa මුඛ ආවරණය නොමැතිව සිටි දෙදෙනෙක්ට ලක්ෂයක ශරීර ඇප

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මුඛ ආවරණය නොමැතිව සිටි දෙදෙනෙක්ට ලක්ෂයක ශරීර ඇප

මුඛ ආවරණ(ෆේස් මාස්ක්) නොමැතිව අවන්හලක ‍රැඳී සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරප්ත් කර තිබෙනවා. ඔවුන්ට ගොනු කළ චෝදනාව වී ඇත්තේ කොරෝනා වෛරසය රෝගය පැතිරවීමට ද්වේශ සහගත ලෙස ක්‍රියා කර ඇති බවයි. 

අවන්හලක සිටිය දී කොල්ලුපිටිය පොලීසිය විසින් මොවුන් දෙදෙනා අත් අඩංගුවට ගෙන තිබෙනවා. අධිකරණයට ඉදිරිපත් කිරීමේ දී නිවැරදි කරුවන් ලෙස ඔවුන් අධිකරණයට ප්‍රකාශ කිරීම හේතුවෙන් මහේස්ත්‍රාත්වරයා නඩුව විභාගයට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

මෙසේ අත් අඩංගුවට ගෙන ඉදිරිපත් කර ඇත්තේ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකුයි. ඔවුන්වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා අධිකරණය හමුවේ සැලකර ඇත්තේ දවල් ආහාරය ලබා ගැනීම සඳහා ඔවුන් මුඛ ආවරණය (ෆේස් මාස්ක්) නොමැතිව සිටි බවයි.

මෙම චූදිතයින් දෙදෙනා ලක්ෂය බැඟින් වූ ශරීර ඇප මත මුදා හරින ලෙස කොළඹ කො‍ටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇති අතර ලබන වසරේ ජනවාරි 26 වන දින නඩුවේ විභාගය පැවැත්වීමට පැමිණිල්ලේ සාක්ෂි කරුවන් සඳහා සිතාසි නිකුත් කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu