gossiplanka alexa කඩා වැ‍ටුණු ගොඩනැගිල්ලේ සිටි පිරිසක් අළුයම පිටව ගිහින්, ප්‍රමිතියකින් තොර ගොඩනැගිල්ලක් බවට අනාවරණයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කඩා වැ‍ටුණු ගොඩනැගිල්ලේ සිටි පිරිසක් අළුයම පිටව ගිහින්, ප්‍රමිතියකින් තොර ගොඩනැගිල්ලක් බවට අනාවරණයක්

යේ (20) මහනුවර බූවැලිකඩ ප්‍රදේශයේ මහල් පහක ගොඩනැගිල්ලක් ගිලා බැසීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශයේ මහාචාර්ය අතුල සේනාරත්න මහතා කියා සිටින්නේ මෙම සිද්ධියට මහනුවර ප්‍රදේශයේ දැනට දින කිහිපයකට පෙර සිදු වූ භූ කම්පන බලපාන්නට ඇති බවයි.

මෙම ගොඩනැගිල්ල ගිලා බැසීම හේතුවෙන් එකම පවුලේ මව,පියා සහ මාස එකහමාරේ කුඩා දරුවෙකු මියගියා. ගොඩනැගිල්ල ගිලාබැසීමට ලක් වීමත් සමඟම අසල පිහිටි නිවසක් මතට කඩා වැටීමෙන් එම නිවසේ පුද්ගලයින් 05දෙනෙකු සුන්බුන් අතර සිර වී සිටියා. එයින් දෙදෙනෙකුගේ දිවි ගලවාගැනීමට හැකිවුණා.

කෙසේ වෙතත් මේ පිළිබඳව පරීක්ෂණ කිරීමේන් අනතුරුව අනාවරණය වී ඇත්තේ මෙම ගොඩනැගිල්ල නිසි ප්‍රමිතියකින් තොරව ඉදිකර ඇති බවයි. එම ගොඩනැගිල්ල අස්ථාවර භූමි ප්‍රදේශයක ඉදිකර ඇති බවත් භූමියේ පවතින විද්‍යාත්මක තත්ත්වයන්ට අදාළ ඉදි කිරීම සිදුකර නොමැති බවත් තොරතුරු වාර්තා වනවා. එසේම ගොඩනැගිල්ලේ අත්තිවාරමද නිසි ප්‍රමිතියට සකස් වී නොමැති අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ලබාදෙන නිර්දේශයන්ටද අනුකූල නොවන පරිදි ගොඩනැගිල්ල ඉදිකර ඇති බවයි තොරතුරු අනාවරණය වන්නේ.

මෙමගොඩනැගිල්ලේ සිටි පුද්ගලයින් පිරිසක් අළුයම් කාලයේ දී එම ගොඩනැගිල්ලෙන් පිටවී ගොස් ඇති බවට ද තොරතුරු අනාවරණය වනවා.

භූමිය තව දුරටත් අස්ථාවර බැවින් එම ප්‍රදේශයේ පදිංචිකරුවන් වාසස්ථානවලින් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu