gossiplanka alexa තවත් ගොඩනැගිල්ලක ඉරි තැලීමක්, වෙළඳාම් කටයුතු අමතර පංති සියල්ල නවතා දමයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

තවත් ගොඩනැගිල්ලක ඉරි තැලීමක්, වෙළඳාම් කටයුතු අමතර පංති සියල්ල නවතා දමයි

හෙම්මාතගම නගරයේ පිහිටි තෙමහල් ගොඩනැගිල්ල ඉරි තැලීම් හේතුවෙන් එම ගොඩනැගිල්ලට පුද්ගලයින් ඇතුළුවීම තාවකාලිකව නවතා තිබෙනවා. කඩ කාමර අටකින් යුත් මෙම ගොඩනැගිල්ලේ සිදු කරන වෙළඳාම් ගොඩනැගිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන තෙක් නවතා දමන ලෙසයි පොලිසිය වෙළඳුන්ට දැනුම් දී ඇත්තේ.
එසේම මෙම ගොඩනැගිල්ලේ මහල් දෙකක කඩකාමර පවතින අතර තුන්වන මහලේ සිසුන්ට අමතර පංති පැවැත්වීමේ ස්ථානයක් පවත්වාගෙන යනු ලබනවා. පවතින අවදානම හේතුවෙන් එම පංතිද නවතා දැමීමට තීරණය වී තිබෙනවා.

හෙම්මාතගම නගරගිරි මහා විද්‍යාලයට දරුවන් පැමිණෙන ප‍්‍රධාන ගේට්ටුව අසල මෙම ඉරි තැලී ගිය ගොඩනැගිල්ල පවතින බැවින් ගොඩනැගිල්ල ඉදිරියෙන් පාසැල් දරුවන් මෙන්ම ජනතාව ගමන්කිරීම වැළැක්වීමට පොලිසීය පියවර ගෙන තිබෙනවා.

හෙම්මාතගම පොලිසියේ පොලිස් ස්ථානාධිපති,හෙම්මාතගම වසම භාර ග‍්‍රාම නිලධාරි ඇතුළු පොලිස් කණ්ඩායමක් ගොඩනැගිල්ල නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මෙම තීරණ ගෙන තිබෙනවා. ගොඩනැගිල්ලේ කොන්ක්‍රීට් කණු කිහිපයක් සෙලවීමට හැකි අයුරින් ගැලවී තිබීම ද මෙහි දී නිරීක්ෂණය වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu