gossiplanka alexa පැරදුණු පක්ෂවල නායකත්වය ගැන අර්බුදයක් ? ජවිපෙ, එජාප නව නායකයින් කවුද?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පැරදුණු පක්ෂවල නායකත්වය ගැන අර්බුදයක් ? ජවිපෙ, එජාප නව නායකයින් කවුද?

දි
ගින් දිගටම ලබන පරාජයන් හමුවේ ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය වෙනස්විය යුතු බව එම පක්ෂය සමඟ සමීපව කටයුතු කරන අනෝමා ජනාදරී මහත්මිය පවසනවා.

බිම් මට්ටමේ ජනතාවට තේරුම් යන භාෂාවෙන් ආමන්ත්‍රණය කළ හැකි කේ.ඩී. ලාල්කාන්ත වැන්නෙකුට පක්ෂය භාර දිය යුතු බව ඇය තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් කියා සිටිනවා.

එසේම එක්සත් ජාතික පක්ෂ නායකත්වය දවෙනස්විය යුතු බව බොහෝ දෙනාගේ මතය වී තිබෙනවා. මේ වන විට රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වය අත හරින බව ද දැනුම් දී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා.

වජිර අබේවර්ධන මහතා තවදුරත් කියා සිටින්නේ  එක්සත් ජාතික පක්ෂ නායකත්වය තමන්ට දෙන්නැයි රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර ඇති බවයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායකත්වය වජිර අබේවර්ධන මහතාට ලබා දිය යුතු බවට ගාල්ල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩලය ඊයේ දිනයේ යෝජනාවක් සම්මත කර ගෙන තිබෙනවා.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu