gossiplanka alexa සමීක්ෂණ වාර්තා අනුව කොළඹ 19 න් විමල්ට වාර්තාගත ජයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සමීක්ෂණ වාර්තා අනුව කොළඹ 19 න් විමල්ට වාර්තාගත ජයක්

https://www.gossiplanka.com/2020/08/vimal-veerawansa-feature-article.html
ටත් ජාතියත් සුරැකීම වෙනුවෙන් තම දිවි දෙවැනි කොට පෙරට එන නායකයින් රටකට සම්පතකි. වසර දෙදහස් පන්සීයකට අධික ඉතිහාසයකට උරුමකම් කියන අප රට ද එක් එක් යුගයන්හි එවැනි යුග පුරුෂයන් බිහි කල පින් බිමකි.

එකී දේශප්‍රේමී යුග පුරුෂයින්ගේ නාමාවලියේ වත්මන් ජීවමාන සංකේතය අන් කිසිවකු නොව විමල් වීරවංශය.

විවිධ කාල සමයන්හි රටත් ජාතියත් මුහුණ දුන් අභියෝග හමුවේ එම අභියෝග පරදවා රටත් ජාතියත් මුදා ගැනීම සදහා ජාතිය අවදි කල වීරයින්ගේ නාමාවලියක් ලක් ඉතිහාසයේ ලියවී තිබේ. මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි, අනගාරික ධර්මපාලතුමා, ගංගොඩවිල සෝම හිමි වැනි යුග පුර්ෂයින් රැසක් ඒ වීර නාමාවලියේ සටහන්ව ඇත.

විමල් යනු ඒ වීර නාමාවලියට ඇතුළත් වූ මෑත යුගයේ ජාතිය අවදි කළ රණ හඬ බව අවිවාදිතය.
දේශීයව හෝ ජාත්‍යන්තරයෙන් රටට එරෙහිව මෑත දශක කිහිපය තුල එල්ලවූ සෑම අභියෝගයකදීම ඊට එරෙහිව පෙරමුණගත් නායකයින් අතර විමල් ඉදියෙන් සිටි බව අමුතුවෙන් කිවයුතු නොවේ.

තිස් වසරක කුරිරු යුද්ධය නිමා කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කල මානුෂිය මෙහෙයුමේදී යුද බිමේ සටන් කල සෙබළුන් සේම එම මෙහෙයුම අඩපණ කිරීමට ආ විවිධ අභියෝග පරාජය කිරීමට විමල් දේශපාලන භූමියේ ඉටුකල කාර්‍ය භාරය අසම සමය.

යහපාලන රජය පෙරලා දැමීමට විමල් පිඹුරුපත් සකසන්නේ පරාජය ලැබූ දිනයේදීමය. ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා පත් කිරීමට පෙරමුණේම සිටි කසකරුවා වූයේ විමල්‍ ය.

දේශපාලන බිමේ අරගලවලදී පමණක් නොව රට ගොඩනැගිය හැකි නායකත්ව කුසලතාද අමාත්‍ය වරයකු ලෙස ඔහු පෙන්වාදී තිබේ. මීට පෙර නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයා ලෙසත් වර්තමානයේ කර්මාන්ත සංවර්ධන අමාත්‍යවරයා ලෙසත් ඔහු සිය නිර්මාණශීලීබවත්, හැකියාවත්, සැලසුම්කරණයේ විශිෂ්ඨත්වයත් විදහා පා අවසන් ය.

එබැවින් විමල් වීරවංශ යනු නව තාක්ෂණයත් සමග දිනෙන් දින වෙනස්වන ලෝකයේ වෙනස්කම් කල් ඇතිව හදුනා ගනිමින් රට යා යුතු මග හොදින්ම දන්නා නායකයෙකි. ජාතිය ඉල්ලා සිටින්නේ රටට සිය පන මෙන් ආදරය කරන දුර දක්නා එවැනි නායකයින්‍ ය. එකී ගුණයන්ගෙන් පිරිපුන් විමල් අදටත් වඩා රටේ අනාගතය වෙනුවෙන් වටිනාම නායකයෙකි. අනාගතය වෙනුවෙන් ඔහු රැකගැනීම මෙරට තරුණ පරපුරේත් සමස්ත ජනතාවගේත් වගකීමකි. මෙවර මහ මැතිවරණයේදී එකී වගකීම පැවරෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයන්ටය. නිසැකවම ඔවුන් සිය යුතුකම ඉටු කල යුතුව ඇත.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu