gossiplanka alexa විසි එක්වන සියවසේ මිනිසා 21 න් මව්බිම වෙනුවෙන් දිනවමු !

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

විසි එක්වන සියවසේ මිනිසා 21 න් මව්බිම වෙනුවෙන් දිනවමු !

https://www.gossiplanka.com/2020/08/susil-kindelpitiya-feature-article.html
නතාව වෙනුවෙන් ක්‍රියා කිරීමට ජනතාව වෙනුවෙන් වැඩ කිරීමට සාර්ථක ජනතා නියෝජිතයකු තෝරා ගැනීම ලේසි පහසු කටයුත්තක් නොවේ. ඒ සඳහා අතීතය තුළ ඔවුන්ගේ හැසිරීම කෙසේද යන්න පිළිබඳවද තොරතුරු සොයා බැලිය යුතුය.

කෙනෙකු තමන්ගේ සේවා කාළය තුළ සොරකමින් වංචාවෙන් තොරව ඉතා සාර්ථක ව සහ යුක්ති සහගත ලෙස තම කටයුතු කළේ නම් ඔහු පිළිබඳ ජනතාව තුළ ඇති වන්නේ විශ්වසනීය පහන් හැගීමකි.  ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී , ශාස්ත්‍රපති සුසිල් කි‍ඳෙල්පිටිය යනුද එවැනි පුද්ගලයෙකි .

බස්නාහිර  පළාත් සභාව තුළ සේවය කළ වසර පහක කාලය තුළ ඔහු සත පහක දෙයක් වංචා නොකොට අවංකව තම සේවය ජනතාව වෙනුවෙන් ලබා දුන්නේය. පළාත් සභාව තුළ ඇති සම්පත් කළමනාකරණය කරගනිමින් ජනතාවට සේවය කිරීම ඔහුගේ බලාපොරොත්තුව විය.

විසි එක්වන සියවසේ මිනිසා ලෙස අංක 21 න්, කොළඹ දිස්ත්‍රික්කයෙන් ඔහු නොබියව තරඟ බිමට පිවිසෙන්නේ  ජනතාව පිළිබඳ ඔහුගේ සිතේ ඇති විශ්වාසය නිසාවෙනි.

සුසිල් කි‍ඳෙල්පිටිය නම් වූ ඔහු ගැන කතා කරද්දී ඔහු උගත්  බුද්ධිමත්  පුද්ගලයෙකි.  විද්‍යාර්ථීන් සදහා සන්නිවේදන විෂය තුළ නිම් වලලු පුළුල් කළ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙකි .

එපමණක්ම නොව විටෙක දූෂිත පාලකයින් , සමාජ අසාධාරණකම් වෙනුවෙන් හඬ නැගීම වෙනුවෙන් ඔහු සිරබත් කෑ මාධ්‍යවේදීයෙකි .  නමුත් එබදූ තර්ජන ඝර්ජන වළින් ඔහුගේ ගමන නතර කරන්නට නොහැකිවිය.  ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් මතධාරියෙකු ලෙස ඔහු සැමවිටම ජනතාව වෙනුවෙන්  පෙනී සිටින්නට විය.

තමන්ට එල්ලවූ තර්ජන ඝර්ජන හේතුවෙන් මව්‍ රට හැරගොස් ජීවත් වීමට හැකියාව තිබියදීද ඔහු එම ප්‍රශ්න සමග ගැටී උත්තර සොයමින් මෙහිම ජීවත් වන්නට විය. ඒ තමන් විශ්වාස කළ ජනතාවට සවියක් වීම සදහාය.

විටින් විට දේශපාලන පොරොන්දු වලට රැවටෙමින් විවිධ පාලකයින් තම මනාපයෙන් පාර්ලිමේන්තුවට තෝරාපත් කරගත්තද එදා මෙන් අදද අපි සිටින්නේ සංවර්ධනය වෙමින් පවතින රටකය.  ණය බරක් සහිත රටකය.  රටේ සම්පත් කළමනාකරණය කරගනිමින් රට තුළ නිෂ්පාදන වැඩි කරන්නට තරම් දැක්මක් නැති රටක් තුළය.  නිදහස් අධ්‍යාපනය තුළ සාර්ථකව වැඩි වැටුපට අපේ බුද්ධිමතුන් විදේශගතවන රටකය.

මෙවැනි වූ තත්වයන්‍ට අපි චෝදනා කරන්නේ පාලකයින්ටය. නමුදු අපට ඇති වගකීම හරි හැටි අවබෝධ කරගත්තේ නම් වැඩක් කළහැකි අය පාර්ලිමේන්තුවට තෝරාපත්කර ගැනීමට හැකිය. මෙවර අපට ඒ වෙනස කිරීමට අවස්ථාව උදාවී ඇත. අදුරට ශාප නොකර , ආලෝකය ලබාගන්න , එක ඉටිපහනක් හෝ දල්වන්නට අපට හැකියාව ඇත.

එවැනි වෙනසකට ගැලපෙන සුදුසුම පුද්ගලයා  ඔහුයි. අංක 21න් කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග වදින සුසිල් කි‍ඳෙල්පිටිය, ඔබේ මනාපයට වටිනාකම වනු ඇත.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu