gossiplanka alexa සමඟි ජනබලවේගයේ අභ්‍යන්තර අර්බුද ? මුස්ලිම්, දෙමළ නායකයින් අනතුරු අඟවයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සමඟි ජනබලවේගයේ අභ්‍යන්තර අර්බුද ? මුස්ලිම්, දෙමළ නායකයින් අනතුරු අඟවයි

https://www.gossiplanka.com/2020/08/sjb-party-crisis.html
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය ලබා ගැනීම සඳහා සමඟි ජනබලවේග පක්ෂය නියෝජනය කරමින් තේරීපත් වූ පාඨලී චම්පිකරණවක මහතා බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තාවනවා. 

ඒ පිළිබඳව දැනටමත් ඔහු දැනුම් දී ඇති බව ද ජාතික හෙළ උරුමයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ද බලාපොරොත්තුවෙන් සිටින බව ද ආරංචි මාර්ග සඳහන් කරනවා.

කෙසේ වෙතත් විපක්ෂයේ සංවිධායක ධූරය සඳහා හර්ෂ ද සිල්වා සහ සරත් ෆොන්සේකා ද බලාපොරොත්තු තබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර සමන්ගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට දෙමළ හා මුස්ලිම් පක්ෂ නායකයන් අනතුරු ඇඟවීමක් කර තිබෙනවා. ඒ තමන්ගේ පක්ෂවලට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් හෝ ලබා නොදුනහොත් ඒ පිළිබඳව දැඩි පියවර ගන්නා ලෙසයි. සමගි ජනබලවේග පක්ෂයට වැඩියෙන් ඡන්ද ලබා දී ඇත්තේ දෙමළ හා මුස්ලිම් ජනතාව නිසා එම පක්ෂවලට ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර හිමිවිය යුතු බව ඔවුන් පවසනවා.

මනෝ ගනේෂන් මහතා ද පවසා ඇත්තේ තම පක්ෂයට ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර ලබා නොදුනහොත් පාර්ලිමේන්තුවේ ස්වාධීන වන බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu