gossiplanka alexa රට රකින සටනේ පෙරමග වැඩි අපේ රතන හාමුදුරුවෝ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රට රකින සටනේ පෙරමග වැඩි අපේ රතන හාමුදුරුවෝ

මෙ
රට දේශපාලන කරලියේ එදා මෙදාතුර පහළ වූ ක්‍රියාකාරී භික්ෂූන් වහන්සේලා අතර පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයක් බව අතිශයෝක්තියක් නොවේ.

ගෙවීගිය දශක කිහිපය තුළ රටත් ජාතියත් සම්බුද්ධ ශාසනයත් මුහුණ දුන් සෑම අභියෝගාත්මක අවස්ථාවක දීම රතන හාමුදුරුවෝ රට වෙනුවෙන් පෙරමගට වැඩි සංඝපීතෘන් වහන්සේ නමකි. තිස් වසරක කුරිරු ත්‍රස්තවාදය නිමා කිරීමේ මානුෂීය මෙහෙයුමට පළමු පියවර තැබුවේ ද රතන හිමියන්ය.

2006 වසරේ ජූලි 20 වනදා එල්ටීටීඊ ත්‍රස්තවාදීන් මාවිල්ආරු සොරොව්ව වසා දැමීමත් සමග තිස් දහසක් පමණ වූ නැගෙනහිර පළාතේ ගොවි ජනතාව වෙනුවෙන් පළමුව හඬ නැගුවේ රතන හාමුදුරුවෝ මිස අන් කිසිවෙකුත් නොවේ. මාවිල්ආරු මුදා ගැනීමේ මෙහෙයුම ඇරඹීමට එවකට පාලකයන්ට සිදු වුණේ රතන හිමිගේ ඒ හඬ නැගීමත් සමඟය.

ත්‍රස්තවාදී අභියෝගය ජයගත් මාතෘ භූමිය මුහුණදෙන මීළඟ අභියෝගය වස විසෙන් රට මුදා ගැනීම බව උන්වහන්සේ කල් ඇතිවම දුටුවේ දුර දක්නා සුළු නුවණිනි. ඒ අනුව වස විසෙන් තොර ධාර්මික කෘශිකර්මාන්තයක් වෙනුවෙන් රට පෙළ ගස්වන්නට උන්වහන්සේ පෙරමුණ ගත්තේ බොහෝ දේශපාලකයින් ඒ ගැන සිතීමටත් පෙර සිටමය. එහිදී ද විවිධ ජයග්‍රහණ අත්කර දුන් රතන හිමි තවමත් එම සටන අත්හැර නොමැත.

විවිධ ආගමික මුහුණුවරින් අන්තවාදයට හා මූලධර්මවාදයට එරෙහිව රතන හිමියන් හඬ නැගුවේ අද ඊයේ නොවේ. තමන් කුමන දේශපාලන කඳවුරක් නියෝජනය කළද එම කඳවුර වැරදි මඟ ගිය සෑම අවස්ථාවකදීම රතන හාමුදුරුවෝ ඊට එරෙහි විය.

මහින්ද රාජපක්ෂ පාලනය පෙරළා දැමීමට පෙරමුණ ගත්තා සේම ඉන් පසු බිහිවූ යහපාලනයේ වැරදි තැන් වලට පළමු කස පහර දුන්නේද රතන හාමුදුරුවෝය. හරි දේ හරි ලෙසත් වැරදි දේ වැරදි දේ වැරදි ලෙසත් දකින උන්වහන්සේගේ ඍජු ගුණයට ජරාජීර්ණ දේශපාලනයේ බොහෝ දෙනා බිය දක්වන්නේ එබැවිණි.

රට හරිමග ගෙන යාමට රතන හාමුදුරුවෝ මීළඟ පාර්ලිමේන්තුවේ සිටිය යුතුම වන්නේ ඒ නිසාය. ජාතිය වෙනුවෙන් ඒ වගකීම ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට භාරය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu