gossiplanka alexa අනන්‍යතාවයේ ආරක්ෂාව පිළිබඳ සහතික වෙමින්, ජනතාවට තොරතුරු ලබා දීමට කෙටි දුරකතන අංක දෙකක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අනන්‍යතාවයේ ආරක්ෂාව පිළිබඳ සහතික වෙමින්, ජනතාවට තොරතුරු ලබා දීමට කෙටි දුරකතන අංක දෙකක්

https://www.gossiplanka.com/2020/07/police-tp-number.html
ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් තොරතුරු, විෂ මත් ද්‍රව්‍ය සම්බන්ධ තොරතුරු, සංවිධානාත්මක අපරාධ කල්ලි සම්බන්ධ තොරතුරු,කප්පම් ගැනීම් සම්බන්ධ තොරතුරු ආදිය පොලිස්පතිවරයාට ඍජු ලෙස දැන්වීමට දුරකතන අංකයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව 1997 යන කෙටි දුරකතන අංකය ඔස්සේ ඕනෑම පුද්ගලයෙකුට ඉහත කී කරුණු ගැන තමන් දන්නා තොරතුරක් පොලිස්පතිවරයාට දැන්විය හැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කර සිටින්නේ.

එසේම 1917 යන කෙටි දුරකතන අංකය ඔස්සේ ඕනෑම පුද්ගලයෙකුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පිහිටුවා ඇති විශේෂ ඒකකයට ඇමතුම් ලබා ගත හැකියි. අපරාධ කල්ලි සහ සාමාජිකයින් උපයා ගෙන ඇති වත්කම්, මුදල් විශුද්ධිකරණ පනත යටතේ උපයා ගෙන ඇති දේපළ යනාදිය පිළිබඳ මෙම දුරකතන අංකය ඔස්සේ දැනුම් දිය හැකිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

කෙසේ වෙතත් මේ ආකාරයෙන් තොරතුරු ලබා දෙන පුද්ගලයින්ගේ අනන්‍යතාව ඉතා ආරක්ෂාකාරී ලෙස පවත්වාගෙන යනු ලබන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සහතික වනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu