gossiplanka alexa අපරාධ කල්ලි සමාජිකයින් සොයා සිදු කරන මෙහෙයුමේදී බැංකු නිලධාරියෙක් ද කො‍ටුවෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අපරාධ කල්ලි සමාජිකයින් සොයා සිදු කරන මෙහෙයුමේදී බැංකු නිලධාරියෙක් ද කො‍ටුවෙයි

https://www.gossiplanka.com/2020/07/bank-officer-arrest.html
පරාධ කල්ලි සාමාජිකයින් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සොයා සිදු කරන මෙහෙයුමේ දී විශ්‍රාමික බැංකු නිලධාරියෙක් ද අත් අඩංගුවට ගෙන තිබෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් උපයන මුදල් මෙම නිලධාරියාගේ බැංකු ගිණුම හරහා හුවමාරු වී ඇති බවයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිය මුදල් මෙම බංකු නිලධාරියා වෙත භාර දෙන අතර ඉන්පසු එම මුදල් ඔහු සතුව තබාගනිමින් ඔහුගේ ගිණුම හරහා අවශ්‍ය ගිණුම් වෙත හුවමාරු කරගෙන තිබෙන බව වැඩි දුරටත් සඳහන්.

මෙම විශ්‍රාමික බැංකු නිලධාරියා රුපියල් ලක්ෂයක බැංකු හුවමාරුවක් වෙනුවෙන් රුපියල් 9000ක මුදලක් අය කර ගෙන ඇති බව තොරතුරු අනාවරණය වී තිබෙනවා. එක් මසක් තුළ රුපියල් මිලියන 6.5ක් මෙම නිලධාරියා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ගිණුම්වලට හුවමාරු කර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මොහු කොපමණ කලක් මෙම ව්‍යාපාරය කරගෙන ගියේද යන්න පිළිබඳවත් මෙසේ මුදල් හුවමාරු කළේ කාහටද යන්න පිළිබඳවත් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි. වේරහැර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් මෙම බැංකු නිලධාරියා සතුව තිබී ලැප්ටොප් පරිගණකය සහ තවත් ලියවිලි කිහිපයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu