gossiplanka alexa සුෂාන්ත් සිං ගේ මරණය සිය දිවි නසා ගැනීමක් නොවේ, ඝාතනයක් ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සුෂාන්ත් සිං ගේ මරණය සිය දිවි නසා ගැනීමක් නොවේ, ඝාතනයක් ?

https://www.gossiplanka.com/2020/06/sushant-singh-rajput.html
සුපිරි බොලිවුඩ් නළු Sushant Singh Rajput ගේ සිය දිවි නසාගැනීම සම්බන්ධයෙන් මේ වන විට දෙස් විදෙස් මාධ්‍ය නොයෙක් පුවත් වාර්තා කරමින් පවතිනවා. මේ අතර එක් ඉන්දියානු වෙබ් අඩවියක පළ වී ඇත්තේ මෙය සිය දිවි හානි කර ගැනීමක් නොව ඝාතනයක් බවයි.

එම වෙබ් අඩවියේ පළ වී ඇති ආකාරයට මෙය ඝාතයනයක් යැයි පවසන්නේ සුෂාන්ත් සිංගේ ළඟම ඥාතියෙකු වන ආර්.කේ. සිං විසින්. තම බෑණා කිසි දිනක සිය දිවි නසා නොගන්නා බවත් මෙය ඇත්ත වශයෙන්ම මිනී මැරුමක් විය හැකි බවත් ඔහු පවසා තිබෙනවා.

තමන් ප්‍රාන්ත පොලීසිය විසින් සිදු කරන විමර්ශන පිළිබඳව විශ්වාසයක් නොමැති බැවින් සුෂාන්ත් සිංගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු  CBI ආයතනය මඟින් සිදු කරන ලෙස ඔහු ඉල්ලීමක් කර තිබෙනවා.

''ඔහු සිය දිවි නසාගත්තා යැයි අපි කොහොමත් හිතන්නේ නෑ. ඔහුගේ මරණය පි‍ටුපස කුමන්ත්‍රණයක් තියනවා. ඔහුව කවුරුහරි මරා දාලා. ඔහුගේ හිටපු කළමනාකාරවරිය ද මීට දින කිහිපයකට පෙර සිය දිවි නසා ගත්ත ද එයද මිනී මැරුමක් බව පෙනී යනවා. පොලීසිය අනිවාර්යෙන්ම මේ ගැන පරීක්ෂණයක් සිදු කල යුතුයි'' ඔහු කියා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu