මෝටර් රථයක් පැහැරගැනීමට පැමිණි සීසර්වරුන්ට වැඩ වරදී

https://www.gossiplanka.com/2020/06/arrest-ceaser.html
කළුතර සිට නිට්ටඹුවට පැමිණ තිබූ මෝටර් රථයයක් ලීසිං සමාගමක සීසර්වරුන් විසින් පැහැරගෙන යාමට තැත් කිරීමේ දී එම සීසර්වරුන් නිට්ටඹුව පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ලීසිං වාරික ගෙවා නැති බව පවසමින් මෙසේ මෝටර් රථය පැහැරගෙන යාමට අදාළ ලීසිං සමාගම විසින් සීසර්වරුන් යොදවා තිබුණා. එම අවස්ථාවේ දී මෝටර් රථයේ හිමිකරු පොලීසියට දුරකතන ඇමතුමක් ලබා දී ඇති අතර වහාම ක්‍රියාත්මක වූ පොලීසිය පැහැරගැනීමට පැමිණි පුද්ගලයින් සය දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් 16 වන දින දක්වා බන්ධනාගාර ගත කිරීමට අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.





ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu