gossiplanka alexa කොරෝනා වෛරසයේ ආරම්භය චීනයේ නොවේ - නවතම අනාවරණය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා වෛරසයේ ආරම්භය චීනයේ නොවේ - නවතම අනාවරණය

https://www.gossiplanka.com/2020/06/spain-corona-reveal.html
චීනයේ නව කොරෝනා වෛරසය හඳුනාගැනීමට මාස 09කටත් පෙර එය ස්පාඤ්ඤයේ පැවති බව පර්යේෂකයින් සොයාගෙන තිබෙනවා.

ස්පාඤ්ඤයේ කොරෝනා රෝගියෙකු වාර්තා වූ පසුගිය ජනවාරි 15 වැනි දිනට දින 41කට පෙර අපජල සාම්පලයක් පරීක්ෂා කල බාර්සිලෝනා විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් කණ්ඩායමකට එහි තිබී නව කොරෝනා වෛරසයේ සංඝටකයන් හමු වී තිබෙනවා. ඒ අනුව ඔවුන්  2018 වර්ෂයේ ජනවාරි මාසයේ සිට 2019 දෙසැම්බර් මාසයේදී එකතු කළ අපජල සාම්පල්ද පරීක්ෂා කිරීමට තීරණය කළා.

එම පරීක්ෂණ වලදී 2019 මාර්තු 21 දින බාර්සිලෝනා හිදී ගත් අපජල සාම්පලයක කොරෝනා වෛරසයේ සංඝටක තිබී සොයා ගෙන තිබෙනවා. ඒ අනුව චීනයේ කොරෝනා වෛරසය මතු වීමට මාස 9කටත් පෙර ස්පාඤ්ඤයේ නව කොරෝනා වෛරසය තිබූ බවට අනාවරණය වුණා. කෙසේ වෙතත් මෙම අපජල සාම්පලවල නව කොරෝනා වයිරසයේ සංඝටක තිබී ඇත්තේ ඉතාම සුළු ප්‍රමාණයකින්.

රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ මෙම නව සොයා ගැනීම සම්බ්න්ධයෙන් වූ වාර්තාවක් තුල්‍ය සමාලෝචනයක් සඳහා ඉදිරිපත් කිරීමට පර්යේෂක කණ්ඩායම දැනටමත් පියවර ගෙන ඇති බවයි.








ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu