gossiplanka alexa මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධතා පවත්වන පොලිස් නිලධාරීන් අනතුරක

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධතා පවත්වන පොලිස් නිලධාරීන් අනතුරක

https://www.gossiplanka.com/2020/06/arrest-police-officer.html
ත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ එක් වී කෝටි ගණන් මුදල් සහ දේපළ ඉපැයූ පොලිස් මත්ද්‍රවය කාර්යාංශයේ නිලධාරීන් හතරදෙනෙකු සහ සමාන්‍ය පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගියදා අත් අඩංගුවට ගැණුනු මිනුවන්ගොඩ ප්‍රදේශයේ මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුන් ලද තොරතුරකට අනුව මොවුන් අත් අඩංගුවටගෙන ප්‍රශ්න කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

මෙසේ අත් අඩංගුවට ගත් පුද්ගලයින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ එකතු වී මත්ද්‍රව්‍ය බෙදා හැරීම, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය ආදිය සිදු කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

මෙසේ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් මෝටර් රථ, යතුරු පැදි ආදිය මෙන්ම කෝටි ගණන් වටිනා දේපළ ඔවුන් මිලදී ගෙන ඇති බවයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් සොයා ගෙන ඇත්තේ. එසේම ඔවුන් අත් අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔවුන් සතුව තිබූ රුපියල් මිලියන 30ක්ට අධික මුදල් ප්‍රමාණයක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයා ගෙන තිබෙනවා.

මීට වසර කිහිපයකට ඉහතදී පිළියන්දල ප්‍රදේශයේ දී සිදු වූ වෙඩි තැබීමට ද මොවුන්ගේ සම්බන්ධයක් ඇති බවයි තොරතුරු අනාවරණය වී ඇත්තේ. මත්ද්‍රව්‍ය ජාවාරමක් වැටලීමට යාමේදී සිදු වූ එම වෙඩි තැබීමෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරියෙකු මරණයට පත් වූ අතර තවත් නිලධාරියෙකුට බරපතල තුවාල සිදු වුණා.

මෙසේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධතා පවත්වන පොලිස් නිලධාරීන් කවුද යන්න වැඩබලන පොලිස්පතිවරයාගේ නියමයෙන්  තව දුරටත් පුළුල් පරීක්ෂණ පැවැත්වෙන බව වාර්තා වනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu