gossiplanka alexa චීනයේ යළිත් භයානක තත්ත්වයක්, පවතින තත්ත්වය ඉතා බරපතල බව මාධ්‍ය ප්‍රකාශයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

චීනයේ යළිත් භයානක තත්ත්වයක්, පවතින තත්ත්වය ඉතා බරපතල බව මාධ්‍ය ප්‍රකාශයක්

https://www.gossiplanka.com/2020/06/china-corona-again.html
චීනයේ බීජිං නුවර විශාලම තොග ආහාර බෙදා හැරීමේ වෙළඳ මධ්‍යස්ථානය වන Xinfadi හි සැරිසැරූ කොරෝනා ආසාදිත පුද්ගලයා නිසා මේ වන විට ඉතා බරපතල තත්ත්වයක ඇති වී තිබෙනවා. ඊයේ දිනයේ දී පමණක් බීජිං නුවරින් කොරෝනා ආසාදිතයින් 36 දෙනෙකු වාර්තා වූ අතර සමාජයේ කොරෝනා ආසාදිත රෝගීන් ගැවසීම නිසා වාර්තා වී ඇති මුළු රෝගින් සංඛ්‍යාව 106ක්.

මේ වන විට බීජිං අගනුවර ආශ්‍රිතව සිදුකරන කොරෝනා පරීක්ෂණ ප්‍රමාණය ඉහළ දමා ඇති අතර බිජිං නගරයේ මාධ්‍ය ප්‍රකාශක Xu Hejian මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ දැනට ඇතිව තිබෙන තත්ත්වය ඉතා භයානක බවයි. එසේම කොරෝනා වෛරසය ආසාදිත වූ පුද්ගලයින් හමුවුණු ප්‍රදේශ 30ක් සම්පූර්ණයෙන්ම අගුළු දැමීමට චීන බලධාරීන් කටයුතු කර තිබෙනවා. තවද සියළුම කුලී රථ සේවාවලට බීජිං සිට ඉන් පිටතට යෑම තහනම් කිරීමටත්, විනෝදාස්වාද ක්‍රියාකාරකම්, ගෘහස්ථ ක්‍රීඩා අත් හි‍ටුවීමටත් මේ වන විට පියවර ගෙන තිබෙනවා. බීජිං අහනුවර සිට වෙනත් නගර වෙත ගිය සියළුම පුද්ගලයින්ට චීන බලධාරීන් දන්වා සිටින්නේ තමන්ගේ බලධාරීන්ට ඒ පිළිබඳව දැනුම් දී නිසි කොරෝනා පරීක්ෂාවන් සිදු කර ගන්නා ලෙසයි.

බීජිං අගනුවර මෙසේ ඇතිව තිබෙන කොරොනා පොකුරට සිචුආන් ප්‍රාන්තයෙන්ද වාර්තාවූ කොරෝනා ආසාදිතයාගේ සම්බන්ධයක් ඇති බැවින් එම ප්‍රාන්තයේ ද වෛරසය පැතිරීමේ අවදානමක් ඇති බව එරට ජාතික සෞඛ්‍ය කොමිසම සඳහන් කරනවා.

මේ වන විට චීන රජය විසින් බීජිං අගනුවර ආශ්‍රිතව විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක් දියත් කර ඇති අතර බීජිං ජනගහණයත් සමඟ සැසඳීමේ දී ඇති විය හැකි කොරෝනා පොකුර සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බව ලෝක සෞඛ්‍ය සංවිධානයද දැනුම් දී තිබෙනවා.






ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu