gossiplanka alexa ශ්‍රී ලංකාව තවත් අවදානම්ක් තත්ත්වයක, ආරක්ෂාකාරී වන්න

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලංකාව තවත් අවදානම්ක් තත්ත්වයක, ආරක්ෂාකාරී වන්න

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ පවතින වැසි තත්ත්වය තව දුරටත් පවතින බැවින් දකුණ, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල මිලි මීටර් 200 ය ඉක්ම වූ වර්ෂාපතනයක් ඇති විය හැකි බවයි. 

පසුගිය සති කිහිපය තුළ ද දිවයිනට අධික වර්ෂාවක් පැවති බැවින් නායයාම් ගංවතුර අවදානම ඉතා ඉහළ මට්ටමක පවතින නිසා  කාලගුණ තත්වය පිළිදව නිසි අවධානය යොමු කරමින්  ලබාදී ඇති උපදෙස් නිසි පරිදි අනුගමය කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.  අවදානම කළාපවල ජීවත් වන ජනතාවට දැඩි විමසිල්ලෙන් කටයුතු කරන ලෙසත් ආපදා අවම කර ගනිමින් ආපදාවට මුහුණ දීම සදහා පුර්ව සුදානම් වන ලෙසත් තාක්ෂණික ආයතන විසින් විටින් විට ලබා දෙනු ලබන උපදෙස් අනුව කටයුතු කරන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා.

එසේම වර්ෂාව තවදුරටත් පවතී නම් නායයෑම්, බෑවුම් කඩා වැටීම්, ගල් පෙරළිම්, පස් කණ්ඩි කඩා වැටීම් සහ පොළොව ගිලා බැසීම් අවදානම පිළිබදව විමසිලිමත් වන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දන්වා සිටිනවා.

පහත කරුණු වෙත අවධානය යොමු කරන ලෙස ද එම මධ්‍යස්ථානය දන්වා සිටිනවා.

1. පහත දැක්වෙන නායයෑම් පූර්ව ලක්සෂණ පිළිබඳ සැලකිලිමත් වන්න.
➢ පොළවේ ඇති වන ඉරි තැලීම්, ගැඹුරට හෑරුණු පැළුම් හා පොළොවේ ගිලා බැසීම්
➢ ක්‍රමයෙන් ඇලවී යන , විදුලි කණු, වැටවල් හා දුරකථන කුළුණු ආදිය
➢ ගොඩනැගිලිවල  බිම හා බිත්තිමත ඇතිවන පිපුරුම් හා ඒවාගේ ක්‍රියා වර්ධනය වීම්
➢ එක්වර ජල උල්පත් ඇතිවීම හෝ පෙර පැවති ජල උල්පත් බීරීම, අවහිරී වීම හෝ නැතිවීම

2. එවන් නායයාමක පූර්ව ලක්සෂණ දක්නට ලැබෙන ප්‍රදේශ වලින් හැකි ඉක්මනින් ඉවත් වන්න.
3. ඊට අමතරව අනතුරට භාජනය වියහැකි යැයි අනුමාන කරන ප්‍රදේශ වල ජිවත් වන පුද්ගලයින් වැඩි වශයෙන් පරික්සෂාකාරී වියයුතු අතර දැඩි වර්ෂා තත්වය තවදුරටත් පැවතුනගහාත් සුරක්ෂිත ස්ථානයක්ස කරා ක්සෂණිකව ඉවත්ව යාමට සූදානම්ව සිටිය යුතුය.
සැ.යු: ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයන් සහ ආපදා කළමනාකරණ මධය්ථානගයන් ලැබෙන වැඩිදුර උපදෙස් අනුගමනය කරන්න.






ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu