gossiplanka alexa තොණ්ඩමන්ගේ දියණිය නිරෝධායනයට, කොරෝනා දෙවන ‍රැල්ල ගැන වෛද්‍යවරුන්ගෙන් මාධ්‍ය නිවේදනයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

තොණ්ඩමන්ගේ දියණිය නිරෝධායනයට, කොරෝනා දෙවන ‍රැල්ල ගැන වෛද්‍යවරුන්ගෙන් මාධ්‍ය නිවේදනයක්

https://www.gossiplanka.com/2020/05/thondaman-funeral-corona.html
මාන් රාජ්‍යයේ වෛද්‍යවරියක වශයෙන් සේවයේ නියුතු, අභාවප්‍රාප්ත ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දියණිය සිය පියාගේ දේහයට අවසන් ගෞරවය දැක්වීම සඳහා මෙරටට පැමිණියත් ඇයට ඒ සඳහා අවසර හිමි වී නැති බව වාර්තා වනවා. කුලියට ගත් ගුවන් යානයක් මඟින් මෙරටට පැමිණි ඇය දින 14ක නිරෝධායනය සඳහා මීගමුව ප්‍රදේශයේ පිහිටි හෝටලයකට යොමුකර තිබෙනවා. 
සිය පියාගේ අවමංගල්‍යයට සහභාගී වීමට අවසර දෙන්නැයිඅ ඇය ඉල්ලා ඇතත් මේ වන තෙක් අවසර ලැබීනැති බවත් අවමංගල්‍ය අවස්ථාව අන්තර්ජාලය ඔස්සේ නැරඹීමට අවස්ථාවක් පමණක් ලබා දී ඇති බවත් ආරංචි මාර්ග සඳහන් කරනවා.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අරුමුගම් තොණ්ඩමන් මහතාගේ අවමංගල්‍ය කටයුතු සංවිධානය කර තිබෙන ආකාරය ගැන සිය අප්‍රසාදය පළ කර තිබෙනවා. ලබා දී ඇති සෞඛ්‍ය උපදෙස් හෝ නීති රීති නොතකමින් ක්‍රියාකිරීම හේතුවෙන් රටේ තත්ත්වය නැවතත් අවදානමකට ලක් විය හැකි බව ඔවුන් පෙන්වා දෙනවා. එසේ සෞඛ්‍ය නීති රීතිවලට අවනත නොවීම හේතුවෙ මහජනතාවගේ විශ්වසය ද බිඳ වැටී නැවත කොරෝනා දෙවන ‍රැල්ලක් ඇති වුවහොත් එය වළක්වා ගැනීමට අපහසු වනු ඇති බවද ඔවුන් කියා සිටිනවා.

ඒ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිකුත්කළ මාධ්‍ය නිවේදනය පහතින්.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu