gossiplanka alexa ලෝක සෞඛ්‍ය සම්මූතීන් කඩමින් කුවේට් රාජ්‍යයෙන් බරපතල නියෝගයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලෝක සෞඛ්‍ය සම්මූතීන් කඩමින් කුවේට් රාජ්‍යයෙන් බරපතල නියෝගයක්

https://www.gossiplanka.com/2020/05/kuwair-warning.html
කුවේට් රාජ්‍යයේ සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට එවීමේ දී එම රාජ්‍යය විසින් කොරොනා වසංගත තත්ත්වයේ දී ලෝකය විසින් පිළිගත් සම්මුතීන් වලින් බැහැරව කටයුතු කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ශ්‍රී ලාංකිකයින් ලංකාවට එවීමේ දී නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් භාවිතා නොකර ඉතා කුඩා කුටිවල ඔවුන් රඳවා ඇති බැවින් සියළුම පුද්ගලයින්ට වෛරසය ආසාදනය වීමේ ඉඩකඩ වැඩි බව ඔවුන් පෙන්වා දෙනවා.

එසේම වලංගු වීසා කාලය අවසන්ව ඇති සියළුම දෙනාට එරටින් පිටත්වන ලෙස කුවේට් රාජ්‍ය නියෝග නිකුත් කර තිබෙනවා. ඒ සඳහා ලබා දුන් පොදු සමා කාලය ද අවසන් අදියරේ පසුවනවා.

කුවේට් රාජ්‍යයේ ‍රැඳී සිටින බොහොමයක් පිරිසකට මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවත් 19000ක පමණ පිරිසක් වීසා අවලංගු වී එරට ‍රැඳී සිටින බවත් තොරතුරු වාර්තා වනවා. ඔවුන්ගේන් වැඩි පිරිසක් පොදු සමාකාලයේ දී ලංකාවට පැමිණීමට  අපේක්ෂාවෙන් සිටිනවා.

එරටින් ශ්‍රී ලංකාවට පැමිණෙන සියළුම දෙනාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබීමට වැඩි ඉඩ කඩක් ඇති බැවින් කුවේට් රාජ්‍යයෙන් මෙරටට පුද්ගලයින් ගෙන්වා ගැනීමේ දී ඉතා ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu