gossiplanka alexa ජාතික පාසැල්වලට සිසුන් ඇතුළත් කිරීමේ බලතල වලින් අධ්‍යාපන අමාත්‍යාංශය ඉවත්වීමේ තීරණයක් ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජාතික පාසැල්වලට සිසුන් ඇතුළත් කිරීමේ බලතල වලින් අධ්‍යාපන අමාත්‍යාංශය ඉවත්වීමේ තීරණයක් ?

ජාතික පාසැල්වලට ළමුන් ඇතුළත් කර ගැනීමේ දී බොහොමයක් අගෙටළුවලට මුහුණ දීමට දෙමව්පියන්ට සිදුවනවා. 1,5 සහ 6 ශ්‍රේණි සඳහා මෙන්ම අනෙකුත් ශ්‍රේණි සඳහා ද ළමුන් ඇතුළත් කිරීමේ දී මෙසේ නොයෙක් ගැටළු මතුවනවා. 1,5 සහ 6 ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කා ගැනීමට බලය ඇත්තේ විදුහල්පතිවරුන්ට වුවත් අනෙකුත් ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීමට බලය ඇත්තේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාටයි.

මහජනතාව සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් වෙන් කර ඇති දිනයේ දී අමාත්‍යාංශය වෙත වැඩි පිරිසක් පැමිණෙන්නේ අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කර ගැනීමේ දී ඇතිවන ගැටළු පිළිබඳව දැන්වීමටයි. එසේ පැමිණෙන පිරිස ඇතැම් දිනවල විශාල පිරිසක් වන බැවින් බොහෝ දෙනෙක්ට තම ගැටළු ඉදිරිපත් කිරීමට පවා අවස්ථාවක් හිමි වන්නේ නැහැ. 

මෙම තත්ත්වය මඟ හරවා විධිමත් ක්‍රමවේදයකට සිසුන් ජාතික පාසැල් තුළට ඇතුළත් කර ගැනීම සඳහා විදුහල්පතිවරුන්ටබලය ලබා දීමට  අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබෙනවා. 

මේ පිළිබඳව වූ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ජාතික පාසැල්වල විදුහල්පතිවරුන්ට ඉදිරි දිනක දී චක්‍රලේඛයක් නිකුත් කිරීමට අවධානය යොමුව ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එන්. එච්. එම්. චිත‍්‍රානන්ද මහතා පවසන්නේ. 




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu