gossiplanka alexa දකුණු කොරියාවට කොරෝනා වෛරසයේ දෙවන රැල්ල ගෙනාවේ සමලිංගිකයොද? - සම්පුර්ණ කතාව මෙන්න

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දකුණු කොරියාවට කොරෝනා වෛරසයේ දෙවන රැල්ල ගෙනාවේ සමලිංගිකයොද? - සම්පුර්ණ කතාව මෙන්න

කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා රටවල් ක්‍රියාත්මක කරමින් සිටි විවිධ සීමා තහංචි කෙමෙන් ලිහිල් කරද්දී නැවත වසංගතයේ දෙවැනි රැල්ලක් ඇති වේවිද යන්න මේ දිනවල කා තුළත් කුතුහලයක්, ආතතියක් ඇති කර තිබෙන කාරණයක් බව රහසක් නොවේ.

මෙයට අදාළව බොහෝ දෙනාගේ අවධානය දිනාගෙන ඇති සිද්ධියක් වන්නේ මේ වනවිට දකුණු කොරියාව තුළ මතුව ඇති තත්ත්වයයි.

ඉතා සාර්ථක ලෙස කොවිඩ් වසංගතය පාලනය කළ රටක් ලෙස ලෝකයටම ආදර්ශයක් සපයමින් සිටි දකුණු කොරියාව තුළ දැන් නැවතත් දෙවැනි රැල්ලක් පිළිබඳ බියක් මතුවෙමින් තිබෙනවා.

ඒ සමගම මෙම සිද්ධිය කේන්‍ද්‍ර කරගෙන එරට සමරිසි ප්‍රජාවට එරෙහි යම් විරෝධයක් මතුව ඇති බවටත්, එම පසුබිම තුළ මෙම දෙවැනි රැල්ල පාලනය කිරීම තරමක් ගැටලුකාරී වී ඇති බවයි අදහස් පළවන්නේ.

මෙම දෙවැනි රැල්ල පිළිබඳ සැකය සහ බිය පැන නැගුණේ එරට ඉතේවොන් නමැති දිස්ත්‍රික්කයේ පිහිටි රාත්‍රි සමාජ ශාලා පෙළක් කේන්‍ද්‍ර කරගනිමින් අලුතෙන් ආසාදිතයන් පොකුරක් හඳුනා ගැනීමත් සමගිනුයි.

මෙම ආසාදිතයන් පොකුර හඳුනාගත හැකි වූයේ පසුගිය මැයි 6 වැනිදා ආසාදිතයෙකු ලෙස තහවුරු වූ පුද්ගලයෙකු හරහායි.

29 හැවිරිදි මෙම තරුණයා මැයි 1 වැනි දින රාත්‍රියේ ඉහත කී සමාජ ශාලා 03ක පමණ රැය පහන් වනතුරු ඉතා දිගු කාලයක් විනෝද වෙමින් සිට ඇති බව සඳහන් වන අතර එහි දී විශාල පිරිසක් ඇසුරු කර ඇති බවද අනාවරණය වී ඇත.

මැයි 6 වැනිදා ඔහු ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු මේ වනවිට තවත් ආසාදිතයන් 102 දෙනෙකු සමාජ ශාලා සාමාජිකයන් අතරින් හඳුනාගනු ලැබ තිබෙනවා.

පසුගිය 11 වැනි දින වනවිට හඳුනාගෙන තිබුණේ ආසාදිතයන් 54 දෙනෙකු පමණි.

මේ අනුව පෙනී යන්නේ දින දෙක තුනක් තුළ ආසාදිතයන් ගණන දෙගුණයක් දක්වා වැඩි වී ඇති බවයි.

මෙය එතරම් යහපත් තත්ත්වයක් නොවන අතර මෙම දෙවැනි රැල්ල හැකි ඉක්මනින් පාලනය කිරීම සඳහා රජය දැඩි පියවර ගනිමින් සිටින ආකාරය දැකිය හැකි වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙම සිදුවීම හා සම්බන්ධ 11,000 කට ආසන්න පිරිසක් පිළිබඳව පොලිසිය මේ වනවිට සොයා බලමින් සිටින බවයි.

ඇතැමුන් මේ ගැන දැනගෙන ඇත්තේ දුරකතන ආයතන සහ ක්‍රෙඩිට් කාඩ් ආයතන විසින් ලබා දෙන ලද තොරතුරු වලිනි.

වහාම වෛද්‍ය පරීක්‍ෂණ සඳහා පෙනී සිටින ලෙස දන්වමින් ඔවුන් වෙත කෙටි පණිවිඩ යැවීමට රජය පියවර ගෙන තිබෙනවා.

අඟහරුවාදා වනවිට මේ අතරින් 7,000කට ආසන්න පිරිසක් කොරෝනා පරීක්‍ෂණ සඳහා ඉදිරිපත්ව තිබූ බැව් සඳහන්.

කෙසේ වෙතත් තව 3,000කට ආසන්න පිරිසක් සොයා ගැනීමට නොහැකිව සිටින බවද මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

රාත්‍රි සමාජ ශාලාවලට පැමිණ ඇති ඇතැමුන් ලබා දී ඇත්තේ ව්‍යාජ දුරකතන අංක සහ නම්ගම් බවද හෙළි වී ඇති අතර මේ නිසා මේ අය සොයා ගැනීම දුෂ්කර වී ඇති බැව් වාර්තා වනවා.

මෙම ආසාදිතයන් පොකුරට අදාළ ඇතැම් සමාජ ශාලා සමරිසි පුද්ගලයන් වෙනුවෙන් වෙන් වුණු ඒවා බවක්ද දකුණු කොරියානු මාධ්‍ය අනාවරණය කර සිටිනවා.

මේ බව මාධ්‍ය මගින් ප්‍රසිද්ධියට පත් වීමත් සමග එරට සමරිසි සමාජයට එරෙහි චෝදනා සහ නින්දා අපහාස ඉහළ යමින් ඇති බවක් සඳහන්.

මෙම පසුබිම තුළ අදාළ දිනයේ මෙම සමාජ ශාලා වෙත පැමිණි පිරිස් වෛද්‍ය පරීක්‍ෂණ සඳහා ඉදිරිපත් වීමට මැලිවන බවක් ද, ඔවුන් සැඟවී සිටීමට උත්සාහ කරන බවක්ද පෙනී ගොස් ඇත.

තමුන් සමරිසි පුද්ගලයන් බව හෙළි වුවහොත් විවිධ සමාජ කොන් කිරීම්වලට මෙන්ම රැකියා අහිමිවීම්වලට පවා මුහුණ දීමට සිදුවනු ඇති බවට ඔවුන් බියට පත්ව සිටීම එයට හේතුව බැව් සඳහන් වේ.

මේ නිසා ආසාදිතයන් සහ ඔවුන් ඇසුරු කළ පුද්ගලයන් හඳුනාගැනීමේ ක්‍රියාවලියට බාධා පැමිණ ඇතැයි වාර්තා වන අතර මෙය වෛරසය තවදුරටත් පැතිරීමට උදව්වක් වනු ඇති බවට බිය පළවෙයි.

සමරිසි පුද්ගලයන් ඉලක්ක කර චෝදනා එල්ල කිරීමෙන් වළකින ලෙස රජයේ බලධාරීන්, මාධ්‍ය ඇතුළු පාර්ශ්වවලින් දැඩි ලෙස ඉල්ලා ඇති අතර ආසාදිතයන් සොයා ගැනීම සඳහා 8,500ක පමණ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් යොදවා ඇති බව ද මාධ්‍ය වාර්තා කර සිටිනවා.

මෙම ආසාදිතයන් පොකුර පැන නගිද්දී දකුණු කොරියාව සිටියේ පාසල් පවා නැවත විවෘත කිරීමට සූදානම් වෙමිනි.

නමුත් දැන් මෙම අවිනිශ්චිත තත්ත්වය තුළ එය ද කල්දමා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu