gossiplanka alexa ඊයේ දිනයට පමණක් නව ආසාධිතයන් 16 හඳුනාගැනේ - සමස්ථ ආසාධිතයන් ගණන 863ක් දක්වා ඉහළට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඊයේ දිනයට පමණක් නව ආසාධිතයන් 16 හඳුනාගැනේ - සමස්ථ ආසාධිතයන් ගණන 863ක් දක්වා ඉහළට

මෙරටින් වාර්තා වන කොරෝනා වෛරස ආසාධිතයන් ගණන 863ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ඊයේ (11) දිනයේ දී තවත් නව ආසාධිතයන් 16 දෙනෙක් හඳුනා ගනු ලැබුවා.

මේ වන විට සමස්ථ ආසාධිතයින් අතරින් 533ක් තවමත් දිවයිනේ රෝහල් පුරා ප්‍රතිකාර ලබනවා.

වෛරසය ආසාධනය වූ බවට මෙතෙක් තහවුරු නොවූ සැක සහිත රෝගීන් 116.

ඊයේ දිනයේ දී වෛරසය වැළඳී පුර්ණ සුවය ලැබූ ගණන 321ක් ලෙස වාර්තා වූ අතර ශ්‍රී ලංකාවෙන් වෛරසය ආසාධනය වී මියගිය ගණන 09ක් ලෙසයි වාර්තා වන්නේ.

මේ අතර ඊයේ දිනයේ දී වාර්තා වූ නව ආසාධිතයන් 16 දෙනාගෙන් 13 දෙනෙක් නාවික හමුදාවේ සෙබළුන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා.

ඒ අතුරින් නාවික හමුදාවේ සෙබලෙකුගේ පුවලක කාන්තාවකට ද වෛරස වැළඳී ඇති බව ඊයේ දිනයේ දී තහවුරු කරගනු ලැබුවා.

අනෙක් ආසාධිතයන් දෙදෙනා ඩුබායි සිට මෙරටට පැමිණි අය බවයි මේ වන විට වාර්තා වනවා.

මේ අතර මෙරටින් වාර්තා වන ආසාධිතයන් 863 දෙනා අතුරින් 463 දෙනෙක් නාවික හමුදාවේ සෙබළුන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu