gossiplanka alexa කොරෝනා තත්වයට අදාලව විදේශ මුල්‍ය ආධාර ලැබී නැහැ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා තත්වයට අදාලව විදේශ මුල්‍ය ආධාර ලැබී නැහැ

කොවිඞ් 19 වෛරස තත්ත්වයට අදාලව මූල්‍යමය වශයෙන් මෙරටට විදේශ ආධාර ලැබී නැතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසුවේ අද (2020.05.04) අරලිය ගහ මන්දිරයේ දී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැති සාකච්ඡාවට එක් වෙමිනි.

කොරෝනා වෛරසය ආසාධිත පළමු රෝගියා වාර්තා වීමේ සිට වෛරසය මැඩ පැවැත්වීමට රජය විසින් ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙන්ම රෝගය පාලනය කිරීම සදහා ගෙන යන නිරෝධායන වැඩපිළිවෙල සම්බන්ධයෙනුත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා හා බුද්ධි අංශ විසින් මෙහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කළහ.

විදේශ ආධාර ලැබීම හා වියදම් කිරීම සම්බන්ධයෙන් විපක්ෂයෙන් විවිධ චෝදනා එල්ල වන බැවින් ඒ පිළිබඳව නිසි දැනුම්වත් කිරීමක් අවශ්‍ය බව මෙහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කලේය.

විදේශ ආධාර සම්බන්ධයෙන් නිවැරදිව තොරතුරු පැවසීමේ හැකියාව ඇත්තේ මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමේ අවස්ථාව මුදල් අමාත්‍යංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතාට ලබා දුන්නේය.

ලෝක බැංකුව වත්මන් ව්‍යසනකාරී තත්ත්වය හමුවේ ඇමරිකන් ඩොලර් මිලියන 127ක ආධාරයක් ලබාදීමට එකඟ වී ඊට අදාල ගිවිසුම් අත්සන් තබා ඇති නමුත් මෙතෙක් එම මුදල් මෙරටට ලැබී නැතැයි ද අදාල මුදල් ඉදිරියේදී ලැබීමට නියමිතව ඇතැයිද එහිදී මුදල් අමාත්‍යංශ ලේකම්වරයා පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යංශයේ සහ කෝවිඞ් සම්බන්ධ වියදම් පියවා ගැනීම සඳහා එම මුදල් හිමි වන බවත්, මීට අමතරව විදේශ ආධාර වශයෙන් ද්‍රව්‍යමය ආධාර සෞඛ්‍ය අමාත්‍යංශයට ලැබී ඇති බවත් ඒ මහතා පැවසීය.

රැකියා සඳහා කොළඹට පැමිණි එහෙත් කොරෝනා වෛරස තත්ත්වය හේතුවෙන් නිවෙස් වලට යාමට නොහැකිව නවාතැන්වලට සීමාවී සිටින උතුරු නැගෙනහිර ජනතාවට නිවෙස්වලට යාමට විධිමත් වැඩපිළීවෙලක් සකසා දෙන ලෙස මෙයට එක්වූ උතුරු නැගෙනහිර නියෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පෙන්වා දුන්හ.

එසේම උතුරු නැගෙනහිර ජිවත්වන වැඩි පිරිසක් දෛනිකව ආදායම් ලබන්නන් බැවින් ඔවුන්ට රජයෙන් දෙන සහනාධාර මුදල් වැඩිකරන ලෙසද ඔවුහු ඉල්ලා සිටියහ.

මෙහිදී පොලිස්පතිවරයා සඳහන් කළේ කොළඹ ඇතුළු නගරවල සිටින 53000 පමණ පිරිසක් හඳුනාගෙන ඇති බව හා ක්‍රමාණුකූලව ඔවුන් සිය ගම්බිම්වලට යැවීමේ වැඩපිළීවෙලක් අරඹා ඇති බවයි.

පී. සී. ආර්. පරීක්ෂණ ප්‍රමාණය වැඩ කිරීමට රජයේ අවධානය යොමු කළ යුතු බව මේ අවස්ථාවට එක්වූ බොහෝ මන්ත්‍රීවරුන්ගේ අදහස වූ අතර ඒ සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මසක විශ්‍රාම වැටුප පරිත්‍යාග කිරීමට වුවද හැකි බව පෙන්වා දුන්නේය.

වෛරස තත්ත්වය හේතුවෙන් නිවෙස්වලට සිමා වී සිටින දරුවන්ගේ ප්‍රශ්නවලට අග්‍රාමාත්‍යවරයා විසින් පිළිතුරු දීමේ වැඩ සටහනට හිටපු මන්ත්‍රීවරුන්ගේ ප්‍රසාදය හිමිවූ අතර එවැනි වැඩ සටහන් තව තවත් ක්‍රියාත්මක කළ යුතු බවද එහිදී යෝජනා විය.

මෙම අවස්ථාවට එක් වූ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා විසින් යෝජනාවලියක් අගමැතිවරයාට භාරදීමද සිදුවිනි.

කෝවිඞ් 19 වෛරස තත්ත්වය පාලනය කිරීම සදහාත් ජන ජිවිතය යථා තත්ත්වයට පත්කිරීමට අදාලවත් හිටපු මන්ත්‍රීවරුන්ගේ අදහස් හා යෝජනා රැසක් මෙහිදී ඉදිරිපත් කළ අතර ඉදිරිපත් වූ යෝජනා සහ අදහස් සාකච්ඡාවට ලක්කර සුදුසු යෝජනා ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවත් සාකච්ඡාව අවසානයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu