යාපනයේ අණ නොතකා ගිය පුද්ගලයෙක්ට පොලීසියෙන් වෙඩි තබයි - මුර පොළකට ගල් ප්‍රහාරයකුත් එල්ල වෙයි

ආරක්ෂක අංශ අණ නොතකා ගමන් කළ පුද්ගලයෙක්ට යාපනය පේදුරුතුඩුව මන්දිකෙයි මාර්ග බාධකයේදී වෙඩි තබා තිබෙනවා.

රාත්‍රී කාලයේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ අවස්ථාවේ මාර්ග බාධකයේදී යුද හමුදා සහ පොලිස් නිලධාරීන් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

වයස අවුරුදු 23ක පුද්ගලයෙක් වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇති අතර ඔහු මේ වන විට පේදුරුතුඩුව, මන්දිකෙයි රෝහලට ඇතුලත් කර තිබෙනවා.

මේ අතර ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ අවස්ථාවේ මෙම වෙඩි තැබීමට පයකට පමණ පෙර මාර්ග බාධකයේ ආරක්ෂක අංශ වෙත කිසියම් ගල් ප්‍රහාරයක් එල්ල කර ඇති බවද මේ වන විට වාර්තා වනවා.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu