gossiplanka alexa කොළඹ වායු දුෂණය යළි වැඩි වෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොළඹ වායු දුෂණය යළි වැඩි වෙයි

ඳිරි නීතිය ක්‍රියාත්මක වූ කාලයේ දී කොළඹ නගරයේ අවම අගයක් ගත් කොළඹ නගරයේ වායු දුෂණය පසුගියදා ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමඟ යළි ඉහළ ගොස් තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසන්නේ ඇඳිරි නීතිය පැවැත්වුණු අවස්ථාවේ වාහන ධාවනය අඩුවීම සහ කාර්මික කටයුතු අඩුවීම හේතුවෙන් වායු දුෂණය සීඝ්‍ර ලෙස පහත වැටුණු නමුත් ඇඳිරි නීතිය ලිහිල් වීමෙන් පසු එය යළි ක්‍රමක් ක්‍රමයෙන් ඉහළ යන බවයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි කියාසිටියේ මේ වන විට කොළඹ නගරයේ වායු දුෂණය 50%කින් ඉහළ ගොස් ඇති බවයි.

මිට පෙර කොළඹ නගරයේ දුවිල් අංශු ප්‍රමාණය අවම මට්ටමක එනම් මයික්‍රො ග්‍රෑම් 10 ලෙස සටහන් වූ නමුත් අද වන විට එය මයික්‍රොග්‍රෑම් 18ත් 20ත් අතර අගයකට පැමිණ තිබෙනවා.

කෙසේ වෙතත් ලොව පුරා කොරෝනා වෛරසය ව්‍යාප්තිය හමුවේ ගෝලීය වායු දුෂණය සහ කාබන්ඩයොක්සයිඩ් මට්ටම සීඝ්‍ර ලෙස පහත වැටීමට ලක්වුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu