ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය ආසාධිතව හමුවූ පළමු රෝගියා හඳුනා ගැනීමෙන් අනතුරුව අද දක්වා සමස්ථ රෝගීන්, පොකුරු 31 ඔස්සේ ව්‍යාප්තවී ඇති බවට රාජ්‍ය බුද්ධි අංශ සේවා අනාවරණය කර තිබෙනවා.

අද කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මේ බව ප්‍රකාශ කළා.

මේ වන විට හමු වී ඇති පොකුරු 31න් 27ක් සම්පුර්ණයෙන්ම අකර්මන්‍ය කර ඇති බවයි.

ඒ අනුව තවදුරටත් ක්‍රියාකාරිත්වයේ පවතින පොකුරු 4ක් පමණක් බවයි බුද්ධි අංශ පෙන්වා දෙන්නේ.