gossiplanka alexa වැලිසර කඳවුරේ සිට කුරුණෑගලට ආ සෙබළුන් ගැන තොරතුරු හෙළි වෙයි - සෙබළුන් දෙදෙනෙක් සමඟ සබඳතා පැවැත්වූ 34 ස්වයං නිරෝධායනට පියවර

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වැලිසර කඳවුරේ සිට කුරුණෑගලට ආ සෙබළුන් ගැන තොරතුරු හෙළි වෙයි - සෙබළුන් දෙදෙනෙක් සමඟ සබඳතා පැවැත්වූ 34 ස්වයං නිරෝධායනට පියවර

කුරුණෑගල දිස්ත්‍රික්කය තුල වැලිසර නාවික හමුදා කඳවුරේ සිට නිවාඩු ලබා පැමිණි සියලුම සෙබළුන් සම්බන්ධයෙන් තොරතුරු නාවික හමුදාව වෙත මේ වන විට ලබා දී තිබෙනවා.

වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රවී විජේගුණවර්ධන පැවසුවේ ප්‍රාදේශීය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පොලිස් බුද්ධි අංශ නිලධාරීන් මාර්ගයෙන් මෙම තොරතුරු ලබා ගත් බවයි.


ලැබී ඇති තොරතුරුවලට අනුව වාරියපොළ කොස්වත්ත ප්‍රදේශයෙන් අනාවරණය වී ඇති කොරෝනා ආසාධිත සෙබලා සමඟ වැලිසර සිට පැමිණි තවත් නාවික සෙබලෙක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇති අතර මේ වන විට ඔහු සම්බන්ධයෙන් ද විමර්ශන සිදු කරමින් සිටින බවයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සඳහන් කළේ.

කෙසේ වෙතත් වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන් දෙනෙක් සමඟ සබඳතා පැවැත්වූ කුරුණෑගල - මිගලැව පවුල් 16ක 34 දෙනෙක් ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu