Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

ලොවපුරා සිඝ්‍රයෙන් පැතිරයන නව කොරෝනා වෛරසය මේ වන විට බොහෝ පුද්ගලයින් ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේද කොරෝනා වෛරසය නිසා මින් පෙර එක් පුද්ගලයෙකු මිය ගිය අතර එම වෛරසයට ගොඳුරු වී මිය ගිය දෙවන මරණය අද සවස වාර්තා වුණා. ඒ මීගමුව රෝහලෙන්..

මීගමුව පෝරුතොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මියගිය පුද්ගලයා අසනීප තත්ත්වය හේතුවෙන් පළමුව ප්‍රතිකාර ලබා ඇත්තේ මීගමුවේ පෞද්ගලික රෝහලකින්. ඔහුගේ වයස අවුරුදු 64ක්.

පසුව මෙම පුද්ගලයා කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කර තිබෙන නිසා ඔහු මිගමුව මහ රෝහල වෙත යොමු කර තිබෙනවා. 

එහි දී ඔහු කොරෝනා ආසාදිතයෙකු ලෙස තහවුරු වී ඇති අතර අද පස්වරුවේ දී ඔහු ජීවිතය හැර ගොස් තිබෙනවා. 



Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page