gossiplanka alexa කඩුවෙල ජනතාවට නිවසේ සිටම ආහාර ඇණවුම් කල හැකියි - අමතන්න

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කඩුවෙල ජනතාවට නිවසේ සිටම ආහාර ඇණවුම් කල හැකියි - අමතන්න

gossip about food delivery
ළඹෙන සඳුදා සිට එනම් හෙට (23) සිට කඩුවෙල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ජනතාවට 0763769035 හෝ 0710402905 යන දුරකථන අංක ඇමතීමෙන් සමුපකාර ප්‍රාදේශික අලෙවිසැල් මගින් තමන්ට අවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය සෞඛ්‍යාරක්ෂිතව නිවසටම ගෙන්වා ගත හැකි බව දැනුම්දී තිබෙනවා.  කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන සහ කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය, කඩුවෙල ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ හිටපු සභාපති විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ‍රැස්වීමක දී මෙම තීරණය ගෙන තිබෙනවා. 

භාණ්ඩ භාර ගන්නා අවස්ථාවේදී මුදල් ගෙවීමේ පහසුකම ද ඒ සමඟ සලසා දී තිබෙන අතර ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ගේ පූර්ණ අධීක්ෂණය සහිතව, නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද යටතේ සැකසූ ජංගම අලෙවි රථ මගින් බේකරි ආශ්‍රිත ආහාර ද්‍රව්‍ය උදේ සහ සවස, එනම් දිනකට දෙවරක් තම නිවසේ සිටම මිලදී ගැනීමේ අවස්ථාව ද කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාවට හිමිවනු ඇති බවයි පැවසෙන්නේ. 

තම දෛනික ආදායම් මාර්ග අහිමිව ඇති කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සියලු පවුල් වෙත වියළි ආහාර මල්ලක් ලබාදීමට ද දැනටමත් ග්‍රාම නිලධාරීවරුන් මාර්ගයෙන් අදාළ ලැයිස්තු සකස් කර ඇති බවද වාර්තා වනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu