gossiplanka alexa හදිසි අනතුරක් නිසා අත්ඩංගුවට ගත් පුද්ගලයෙක් නිසා පොලිසීය සහ බන්ධනාගාරය අනතුරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

හදිසි අනතුරක් නිසා අත්ඩංගුවට ගත් පුද්ගලයෙක් නිසා පොලිසීය සහ බන්ධනාගාරය අනතුරේ

gossip lanka latest news
දිසි අනතුරක් හේතුවෙන් අත්අඩංගුවට ගෙන මුන්දලම පොලීසිය තුළ රදවා සිටි සැකකරුවෙකුට කොවිඩ් -19 හෙවත් කොරෝනා වෛසරය ආසාධනය වී ඇති බවට හෙළිදරව් වී තිබෙනවා. එම අනාවරණය වීමත් සමඟම  මුන්දලම පොලීසිය සහ එම ස්ථානයේ සේවය කරන නිලධාරීන්ව ස්වයං නිරෝධායනය කිරීමට මහජන සෞඛය පරීක්ෂකවරුන් කටයුතු ආරම්භ කර තිබෙනවා.

මදුරන්කුලිය ප්‍රදේශයේදී වෑන් රථයක පා පැදියක් ගැටීමෙන් සිදු වූ අනතුරක් හේතුවෙන් ජා-ඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙකුව මුන්දලම පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණා. ඒ පසුගිය 08වන දිනයි. ඉතාලියේ සිට මෑතකදී දිවයිනට පැමිණි බව කියන එම සැකකරු තලවිල දේවස්ථානය දක්වා ගමන් කරමින් සිටියදියි මෙම අනතුර සිදුව ඇත්තේ. 

අනතුරින් පසුව සැකකරු පුත්තලම වැඩ බලන මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 11වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. බන්ධනාගාරයෙන් මුදා හැර ඇති සැකකරුට පසුව ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් පරීක්ෂා කිරීමේ දී ඔහුට කොවිඩ් -19 වෛරසය ආසාධනය වී ඇති බවට අනාවරණය වුණා. 

ඒ අනුව සැකකරුව අත්අඩංගුවට ගත් මුන්දලම පොලිසියේ නිලධාරීන්, ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගත් නිලධාරීන්, ස්වයං නීරෝධයනය කිරීම අද (19) සවස ආරම්භ කර ඇති බවත් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පුත්තලම රිමාන්ඩ් සිර මැදිරිය මෙන්ම මීගමුව රිමාන්ඩ් සිර මැදිරියද ඔහු සමග රදවා සිටි සෙසු රැදවියන්ද නිරෝධායනය කිරීමට සිදුවී ඇති බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කරනවා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu