gossiplanka alexa ගුවන්තො‍ටුපලේ දී මගීන් පැන ගිහින්, ක‍ටුනායක වසා දැමීමට එරෙහිව විරෝධතා

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගුවන්තො‍ටුපලේ දී මගීන් පැන ගිහින්, ක‍ටුනායක වසා දැමීමට එරෙහිව විරෝධතා

gossip lanka news
ගුවන්තොටුපලේ දී නිරෝධායනය ක්‍රියාවට විරෝධය පළ කරමින් ආවේගශීලීව හැසිරුණු පිර්ස් අතර සිටි පුද්ගලයින් දෙදෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇතැයි වාර්තා වනවා. කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන්  ඊයේ දිනයේ රෝහල්ගත කරන ලද පුද්ගලයන් තිදෙනාගෙන් දෙදෙනෙක් ලෙසයි මොවුන් හඳුනාගෙන ඇත්තේ. 

එම පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙක්  කොළඹ ජාතික උණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර අනෙක් පුද්ගලයා පොළොන්නරුව මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. මේ වන විට කොරෝනා ආසාධිතයන් 05 දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබෙනවා. 

මේ අතර රජය විසින් සිදුකරන නිරෝධාන කටයුත්තට සහභාගී නොවී ගුවන්තොටුපලේදී රහසිගත ලෙස පිටවී නිවෙස් බලා ගිය කිහිපදෙනෙකු සම්බන්ධයෙන් තොරතුරු මේ වන විට සමාජ ජාල ඔස්සේ හෙළිදරව් කරමින් පවතිනවා. ඔවුන් ඉතාලියෙන් සහ දකුණු කොරියාවෙන් පැමිණි පිරිස් බවයි වාර්තා වන්නේ. සමාජ ජාලා ඔස්සේ එම පුද්ගලයින්ගේ තොරතුරු මුදාහරිමින් ප්‍රදේශවාසීන් ඉල්ලා ඇත්තේ  පොලිසිය ලවා හෝ මෙම පිරිස් කැඳවා ගෙන ගොස් නිරෝධායන කටයුතු සිදුකරන ලෙසයි. 

එසේම ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් මෙරට රජයට විරෝධය පළකර තිබෙනවා. ඒ ශ්‍රී ලංකාවට ඇතුළුවීම සඳහා ඉතාලියේ සිට පැමිණෙන්නන්ට අවස්ථාව තහනම් කිරීම හේතුවෙන්. ඔවුන් අන්තර්ජාලය ඔස්සේ වීඩියෝ මුදාහරිමින් අදහස් පළ කරමින් මෙම විරෝධතාවන් එල්ල කරනවා. ශ්‍රී ලංකාවට ගුවන් ගමන අත්හිටුවා ඇති බව තමන් දැනගත්තේ ගුවන්තොටුපළට පැමිණ ඉන්පසු බවත් මේ වන විට දරුවන්ද සමගින් ගුවන් තොටුපලේදී තමන් සිරවී වී ඇති බවත් ඔවුන් කියා සිටිනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu