gossiplanka alexa ඇඳිරි නීතිය ඉවත් කෙරෙන සෑම අවස්ථාවකම සියලුම සුරාසැල් වසා තැබිය යුතුයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඇඳිරි නීතිය ඉවත් කෙරෙන සෑම අවස්ථාවකම සියලුම සුරාසැල් වසා තැබිය යුතුයි

දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය කොළඹ , ගම්පහ සහ පුත්තලම යන දිස්ත්‍රික්ක 03ට අමතරව උතුරු පළාතට අයත් දිස්ත්‍රික්ක 05 වන යාපනය,මන්නාරම,වව්නියාව,මුලතිව් හා කිලිනොච්චි යන දිස්ත්‍රික්කවලට ද ළැඹෙන අඟහරුවාදා උදෑසන 6.00 දක්වා දීර්ඝ කර තිබෙනවා.
 
සෙසු දිස්ත්‍රික්ක වල ඇඳිරි නීතිය අද (23) පැය අටක කාලයකට පමණක් ඉවත් කෙරුණා. ඉහත සඳහන් දිස්ත්‍රික්ක 8ට හෙට (24) උදෑසන ඇඳිරි නීතිය ඉවත් කළ ද නැවත එය  එදිනම පස්වරු 2.00 සිට යළි ක්‍රියාත්මක වනවා. අද උදෑසන 6.00 ට තාවකාලිකව ඉවත් කර ඇති සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය යලි අද දහවල් 2 සිට ක්‍රියාත්මකයි. 

උතුරේ දිස්ත්‍රික්ක 05 තුළ වෙසෙන ජනතාවට තමන් අයත් දිස්ත්‍රික්කයෙන් පිටතට ගමන් කිරීමද තහනම් කර තිබෙනවා. උතුරේ චාරිකා කළ ස්විට්සර්ලන්තයෙන් පැමිණි කොරෝනා වෛරසය ආසාදිත කිතුණු දේවගැතිවරයා හමුවූ සහ ඇසුරු කළ සියලු දෙනා හඳුනාගන්නා තෙක්  උතුරේ ජනතාවට මේ ගමන් තහනම ක්‍රියාත්මක බව ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. 

මේ අතර රජය නියෝගයක් නිකුත් කරමින් කියා සිටින්නේ ඇඳිරි නීතිය ඉවත් කෙරෙන සෑම අවස්ථාවකම සියලුම සුරාසැල් වසා තැබිය යුතු බවයි.  
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu