gossiplanka alexa අඹු සැමියන් ලෙස හැසිරුණු පාසැල් සිසුවෙක් සහ සිසුවියක් නිසා නියෝජ්‍ය විදුහල්පතිනිය සිහිසුන් වේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අඹු සැමියන් ලෙස හැසිරුණු පාසැල් සිසුවෙක් සහ සිසුවියක් නිසා නියෝජ්‍ය විදුහල්පතිනිය සිහිසුන් වේ

මහරක් පාසැල් සිසු සිසුවියන්ගේ ඇතැම් හැසිරීම් නිසා පාසලට මෙන්ම ගුරුවරුන්ට ද අත් විඳීමට සිදුවන්නේ ඉතාමත් අවාසනාවන්ත අත් දැකීම්. මේ කියන කතාවත් ඒ වගේ අවාසනාවන්ත සිදු වීමක්. අනුරාධපුර නගරාසන්නයේ පිහිටි මිශ්‍ර පාසලක සිදු වුණු සිදු වීමක්.

එම පාසලේ  වාර්ෂික නිවාසන්තර ක්‍රීඩා තරගාවලිය සඳහා පුහුණුවීම් සිදුවෙමින් පවතිද්දී පාසැල් භූමියේ ඉදිකෙරෙමින් පවතින දැනට පාළුවට ගොස් ඇති තෙමහල් ගොඩනැඟිල්ලක පාසල් සිසුවියක හා සිසුවකු අඹු සැමියන් ලෙස හැසිරෙමින් සිට තිබෙනවා. 

එම අවස්ථාවේ එම සිදුහලෙහි නියෝජ්‍ය විදුහල්පතිනිය විද්‍යාලයේ සංචාරයක නිරතවෙමින් සිටියදී තෙමහල් ගොඩනැඟගිල්ලේ ඉහළ මහලයේ යම් ශබ්දයක් ඇසීම නිසා එම ස්ථානයට ගොස් තිබෙනවා. එහිදී අදාළ සිසුවිය සහ සිසුවා අඹු සැමියන් ලෙස සිටින අයුරු දු‍ටු නියෝජ්‍ය විදුහල්පතිනිය දැක තිබෙනවා. තමන් දු‍ටු බව දැනගත් සිසුවා  නියෝජ්‍ය විදුහල්පතිනියගෙන් බේරීමට සිතා ඇයට දරුණු පහරක් එල්ල කර තිබෙනවා. 

එම පහරින් නියෝජ්‍ය විදුහල්පතිනිය බිම ඇදවැටී හිස පුපුරා යෑමෙන් සිහිසුන්වී තිබෙනවා.  ඇයගේ වාසනාවට  ශිෂ්‍ය නායිකාවක් සුළු වේලාවකදී එහි පැමිණ තිබෙන අතර සිහිසුන්ව ලේ ගලමින් සිටින නියෝජ්‍ය විදුහල්පතිවරිය දුටු සිසුවිය වහාම  ඒ සම්බන්ධයෙන් විදුහලේ සිටි ගුරුවරුන් හා සිසුන් පිරිසකට දන්වා ඇය රෝහල්ගත කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ. පසුව ඇය විසින් සිදුවූ සිද්ධිය විදුහල්පතිවරයා ඇතුළු ගුරුවරුන්ට දන්වා තිබෙන අතර පාළු තෙමහල් ගොඩනැඟිල්ලේ තුන්වැනි මහලේ අඹු සැමියන් ලෙස හැසිරුණු සිසුවිය හා සිසුවා පලායෑමට එල්ලකළ ප්‍රහාරයෙන් සිහිසුන්වී බිම ඇදවැටීම නිසා ඔවුන්ව හඳුනාගත නොහැකි වූ බව ඇය පවසා තිබෙනවා. 

නමුත් තුවාල ලැබූ නියෝජ්‍ය විදුහල්පතිනියත් අනුරාධපුර රෝහලේ පිහිටි රෝහල් පොලිසියට වෙනත් ප්‍රකාශයක් ලබාදී තිබෙන බවත් වාර්තා වනවා. 

විද්‍යාලයීය ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම සිදුවීම විද්‍යාලයේ විදුහල්පතිවරයා විසින් වසන් කර ඇති බවත් බරපතළ තුවාල ලබා සිටින  නියෝජ්‍ය විදුහල්පතිනියගෙන් ඒ පිළිබඳව කිසිදු විමසීමක් පවා සිදුකර නොමැති බව ත් ය. 

අදාළ ස්ථානයේ තිබි සිසුවිය හැඳසිටි බවට සැකකරන යට ඇඳුමක් විද්‍යාලයේ ගුරුවරුන්ට හමුවී ඇති බවත් මෙම සිද්ධියට සම්බන්ධ වූ දැරිය හා සිසුවා විද්‍යාලයේ අටවැනි ශ්‍රේණියේ හා දහවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන්නන් බවට විද්‍යාලයේ සෙසු දරුවන්ට හා ගුරුවර ගුරුවරියන්ට අනාවරණයවී තිබෙන බවත් වාර්තා වනවා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu