gossiplanka alexa මුලතිව් නගරයේ පිපිරීමක්, වෙඩිබෙහෙත් එකතු කරන ස්ථානයක් සොයා ගැනේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මුලතිව් නගරයේ පිපිරීමක්, වෙඩිබෙහෙත් එකතු කරන ස්ථානයක් සොයා ගැනේ

මුලතිව් ශිලාවත්ත මාදිරි ග්‍රාමයේ  අබලි යකඩ එක් රැස් කරන ස්ථානයකදී ඊයේ (08)  දින බෝම්බයක් පුපුරා ගොස් තිබෙනවා. එම පිපීරීමෙන් එක් අයෙකුට බරපතල තුවාල සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.

අබලි යකඩ එකතු කරන ස්ථානයේ තිබූ බෝම්බය ගැලවීමට යාමේ දී මෙම පිපිරීම සිදුව ඇතැයි සඳහන්. බරපතල තුවාල ලද 42හැවිරිදි පුද්ගලයාමුලතිව් රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙම බෝම්බ පිපිරීම සිදු වූ ස්ථානයට පැමිණි මුලතිව් පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකා බට පිරිසට එම ස්ථානයේ තිබී මෝටාර් උණ්ඩ 3ක්, කාලතුවක්කු උණ්ඩයක් පුපුරණද්‍රව්‍ය කිලෝ 4 ක් ඇතුලු යුද උපකරණ රැසක්ද හමු වී තිබෙනවා.

යුද සමයේදී පුපුරා නොගිය බෝම්බ රැගෙන විත් ඒවා ගලවා වෙඩි බෙහෙත් එක් රැස් කිරීමට තුවාල ලැබූ සැකකරු විසින් ක්‍රියාකොට ඇති අතර එසේ කිසියම් බෝම්බයය ගැලවීමට ගත් උත්සයකදී බෝම්බය පුපුරා යන්නට ඇති බවයි පොලීසය සැක පල කරනේ.

මෙසේ පුපුරණද්‍රව්‍ය ලඟ තබා ගැනීමේ චෝදනාව යටතේ තුවාල ලැබූ සැකකරුගේ මව හා සහෝදරයා අත්අඩංගුවට ගෙන වැඩිදුර පරික්ෂණ කටයුතු සිදු කරන බව මුලතිව් පොලීසිය පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu