gossiplanka alexa මුහුණු පොත නිසා 'ගජමදාරා' බී පුද්ගලයෙක් මරුට, ඔබත් ප්‍රවේසම් වන්න !!!

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මුහුණු පොත නිසා 'ගජමදාරා' බී පුද්ගලයෙක් මරුට, ඔබත් ප්‍රවේසම් වන්න !!!

''මියගිය පුතා විවාහකයි. බිරිඳගෙන් වෙන්ව මා සමඟ ජීවත් වන්නේ. පුතා සිරුර නිරෝගී කර ගන්න විවිධ කොළ වර්ගවල යුෂ හදාගෙන බොනවා. කැඳත් බොනවා. සිරුර වර්ධනයට සහ ස්නායු වර්ධනයට ‘ගජ මදාරා’ නමැති ගසේ කොළ හොඳයි කියා ෆේස්බුක් එකේ තියෙනවා කියා පුතා මට කිව්වා''

ඒ කතාව කියන්නේ සිරුර වර්ධනය කර ගැනීම සඳහා කොළ වර්ගයක යුෂ පානය කර මියගිය පුතෙක්ගේ මවක් මරණ පරීක්ෂණයේ දී සාක්ෂි දෙමින්. ඔහු 36 හැවිරිදි විවාහකයෙක්. මුහුණු පොතේ (ෆේස්බුක්) නම සඳහන් වූ කොළ වර්ගයක් නිවසට ගෙනවිත් එම කොළ අඹරා යුෂ පානය කළ පසු මෙම පුද්ගලයාට කලන්තය සෑදී තිබෙනවා. ඔහු ගම්පහ ගම්පහ මොරගොඩ පදිංචි පුද්ගලයෙක්. 

ගම්පහ රෝහලේ හදිසි මරණ පරීක්ෂණයේදී මරණකරු වූ  පුද්ගලයාගේ මව සාක්ෂි දෙමින් තව දුරටත් මෙසේ කියා සිටියා. 

'' ගජමදාරා ගස් ලංකාවේම තියෙන්නේ 15 ක් පමණයි කියාත් පුතා මට කිව්වා. ඉකුත් 28 වැනිදා මියගිය පුතා ගජමදාරා කොළ නිවසට ගෙනවිත් එම කොළ බ්ලෙන්ඩර් එකට දමා අඹරා ඉස්ම කෝපයකට ගත්තා. එම ඉස්ම කෝප්ප භාගයක් බීලා ඉතිරි කෝප්ප භාගය පසුව බොන්න ශීතකරණයට දැම්මා. යුෂ කෝප්ප භාගය බීපු පුතා විනාඩි 10 කින් පමණ ක්ලාන්ත සමග කැරකිල්ලයි කියා රෝහලට රැගෙන යන්න කිව්වා. ගම්පහ මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටි පුතා 03 වැනිදා අලූයම මියගිය බව දැන ගත්තා.''

විෂ ශරීරගත වීමක් හේතුවෙන් එම මරණය සිදුව ඇති බවට තීන්දු කෙරුණා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu