gossiplanka alexa ඇමරිකාව තහනම් කලාපයක් කිරීම ගැන ශවේන්ද්‍ර සිල්වාගෙන් එඩිතර ප්‍රකාශයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඇමරිකාව තහනම් කලාපයක් කිරීම ගැන ශවේන්ද්‍ර සිල්වාගෙන් එඩිතර ප්‍රකාශයක්

gossip lanka shawendra
ශ්‍රී ලංකා යුද හමුදාවේ වත්මන් අණදෙන නිලධාරී සහ වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට සහ ඔහුගේ පවුලේ අයට ඇමරිකාවට ඇතුල් වීම තහනම් කර තිබෙනවා. ඒ පෙබරවාරි 14 සිකුරාදා ඇමරිකානු රාජ්‍ය ලේකම් මයිකල් පොම්පියෝ විසින් නිකුත් කළ නිවේදනයක් මඟින්. එයට හේත්වුඅ වශයෙන් දක්වා ඇත්තේ 2009 දී ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ අවසන් අදියරේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 58 වන සේනාංකය විසින් සිදුකරන ලද බවට ඇමරිකාව විසින් කියනු ලබන “මානව හිමිකම් උල්ලංඝනය කිරීම්, එනම් නීති විරෝධී ඝාතන” සම්බන්ධයෙන් අණ දීම සඳහා ඔහු සම්බන්ධ බවට ඇමරිකාව කළ චෝදනාවයි. 

මෙම නිවේදනය නිකුත් අක්‍රෑත්තේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් විදේශ මෙහෙයුම් සහ ආශ්‍රිත වැඩසටහන් විසර්ජන පනතේ 7031 (ඇ) වගන්තිය යටතේ වන අතර එම වගන්තියට අනුව  විදේශ රටවල නිලධාරීන් මානව හිමිකම් උල්ලංඝනය කිරීමකට හෝ සැලකිය යුතු දූෂණයකට සම්බන්ධ බවට ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාට විශ්වාසදායක තොරතුරු තිබේ නම්, එම පුද්ගලයින් සහ ඔවුන්ගේ ආසන්නතම පවුලේ සාමාජිකයන් එක්සත් ජනපදයට ඇතුළුවීමට නුසුදුසු බවට තීරණය කර එවැනි නිලධාරීන් සහ ඔවුන්ගේ ආසන්නතම පවුලේ සාමාජිකයන් ප්‍රසිද්ධියේ හෝ පෞද්ගලිකව නම් කිරීම රාජ්‍ය ලේකම්වරයාට නීතියෙන් බලය හිමි වී තිබෙනවා. 

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව කියාසිටින්නේ  ශවේන්ද්‍ර සිල්වාට එරෙහි මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ චෝදනා බරපතල හා විශ්වසනීය බවයි.  ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වැඩි දුරටත් කියා සිටින්නේ ශවේන්ද්‍ර සිල්වා හමුදාපති ලෙස පත් කිරීම සම්බන්ධයෙන් ඇමරිකාව මෙවැනි පියවර ගැනීම මගින් ගෝලීය වශයෙන් මානව හිමිකම් කෙරෙහි ඇමරිකාව දක්වන වැදගත්කම, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ අපයෝජනයන් සඳහා දඩුවම් නොලැබීම පිළිබඳ ඇමරිකාවේ සැලකිල්ල මෙන්ම එවැනි ක්‍රියාවන්හි යෙදෙන අය සඳහා වගවීම ප්‍රවර්ධනය කිරීම සඳහා ඇමරිකාවේ සහයෝගය පිළිබඳ අවධාරනය කෙරෙන බව යි. 

කෙසේ වෙතත් මේ පිළිබඳව අදහස් දක්වමින් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටින්නේ තමන් ඇමරිකානු එක්සත් ජනපදයට මේ වනතෙක් වීසා බලපත්‍රයක් ඉල්ලා නැති බවත් තමන්ට හෝ තමන්ගේ පවුලේ අයට අනාගතයේදී ද එසේ අයදුම් කිරීමට බලාපොරොත්තුවක් නැති බවත්ය. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu