gossiplanka alexa ගිවිසුම් නැතිවම දෙමළ ජාතික සන්ධානයේ සහය සජිත්ට - ජයග්‍රහණයෙන් පසුව ඉල්ලීම්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගිවිසුම් නැතිවම දෙමළ ජාතික සන්ධානයේ සහය සජිත්ට - ජයග්‍රහණයෙන් පසුව ඉල්ලීම්

ප්‍රේමදාස මහතා තම කොන්දේසි වලට එකඟ වූ බව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් විසින් යාපනය කිලිනොච්චිය වව්නියාව ආදී ප්‍රදේශවල ජනහමු පවත්වමිනි සඳහන් කරමින් සිටින බව වාර්තා වනවා.

ඒ අනුව ගිවිසුමකට එළඹෙන්නේ නැතිවම දෙමළ ජාතික සන්ධානය විසින් ජනාධිපතිවරණයේ දී සිය සහාය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට තීරණය කර ඇති බව සඳහන්.

ඉදිරි ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරවා තම ඉල්ලීම් දිනා ගත හැකි යැයිද ඔවුන් කියා සිටින බව ආරංචි මාර්ග සඳහන් කරනවා. ඇතැම් මන්ත්‍රීවරුන් සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රචාරක පත්‍රිකා පවා බෙදා හරිමින් සිටින බව ද සඳහන්.

මේ අතර වව්නියාවේදී පැවති ජනහමුවක් අමතමිනි ඇමැති රාජිත සේනාරත්න මහතාද සඳහන් කළේ සජිත් ප්‍රේමදාස මහතාට දෙමළ ජාතික සන්ධානයේ සහාය හිමිවන බවත් එය ඉක්මනින්ම ප්‍රකාශයට පත් කරනු ඇති බවත්ය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu