gossiplanka alexa ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්‍ටුව සමඟ සන්ධාන ගත වේ - යෝජනාව ඉදිරිපත් කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්‍ටුව සමඟ සන්ධාන ගත වේ - යෝජනාව ඉදිරිපත් කෙරේ

https://www.gossiplanka.com/2019/10/slfp-slpp.html
ව සන්ධානය සම්බන්ධයෙන් ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභා යෝජනා ඇතුළත් එකගතා කෙටුම්පත පොදුජන පෙරමුණටත් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට භාරදී තිබෙනවා. එම යෝජනාවලියේ සඳහන් වන්නේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය හිමිවන බවයි.

මෙම නව සන්ධානය සඳහා ඇතුළත් යෝජනවලිය යොමු කර ඇත්තේ පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා වෙතයි.


කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකාව පොදුජන පෙරමුණ අතර නව සන්ධානයක් ගොඩනැගීමට නොහැකි වූවොත් ස්වාධීන තීන්දුවක් ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවස්ථාව දීමට තීරණය කර ඇති බව ද සඳහන්. යෝජනාවලිය අනුව නව සන්ධානයේ සභාපති ලේකම් හා භාණ්ඩාගාරික තනතුරු පොදුජන පෙරමුණ ලබාදීමට ශ්‍රීලනිප තීරණය කර ඇති අතර විධායක සභාවේ සාමාජිකයින්ගෙන් 51ක් පොදුජන පෙරමුණටත් 31ක් ශ්‍රීලනිපයටත් සෙසු සාමාජිකයන් සුළු පක්ෂවලින් තෝරා ගැනීමටත් යෝජනා කර තිබෙනවා.

ජනාධිපතිවරණයට පෙර මෙම සන්ධානය ඇති කර ගැනීමට නොහැකි වුවහොත් ජනාධිපතිවරයා ස්වාධීනව කටයුතු කරනු ඇති අතර සෙසු මන්ත්‍රීවරුන්ට ස්වාධීනව කටයුතු කිරීමේ අවස්ථාව ලබාදී තිබෙනවා. 

කෙසේ වෙතත් නව සන්ධානයේ මැතිවරණ ලකුණ ‘පොහොට්ටුව’ ලෙස යොදා ගැනීමට ශ‍්‍රීලනිපය එකගතාවක් පල කර නැති අතර ඒ ගැන තව දුරටත් සාකච්චා කිරීමට නියමිතයි. පොදුජන පෙරමුණ දන්වා ඇත්තේ ජනාධිපතිවරණයකදී ඡන්ද පත‍්‍රිකාවේ ඇත්තේ අපේක්‍ෂකයාගේ නම මිස පක්‍ෂයේ නම නොවන නිසා මැතිවරණ ලකුණ එතරම් ගැටළුවක් කර ගත යුතු නැති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu