gossiplanka alexa ඇප තැන්පත් කල ජනාධිපතිවරන අපේක්ෂකයින් මෙන්න, නාමයෝජනා 35ක්, ගෝඨා තවක් කඩ ඉමක් පනී

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඇප තැන්පත් කල ජනාධිපතිවරන අපේක්ෂකයින් මෙන්න, නාමයෝජනා 35ක්, ගෝඨා තවක් කඩ ඉමක් පනී

නාධිපතිවරණයට තරග කිරීම සඳහා අපේක්‍ෂකයන් 41 දෙනකු ඇප තැන්පත් කර තිබෙනවා. 

එයින් දේශපාලන පක්‍ෂ වලින් ඇප තැන්පත් කර ඇති අපේක්‍ෂකයන් 19 දෙනා මෙසේය.

අජන්තා පෙරේරා (ශ‍්‍රී ලංකාවේ සමාජවාදී පක්‍ෂය), සමන් පෙරේරා (අපේ ජන බල පක්‍ෂය), ගෝඨාභය රාජපක්‍ෂ (ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ), ආරියවංශ දිශානායක (ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණ), සිරිතුංග ජයසූරිය (එක්සත් සමාජවාදී පක්‍ෂය), බැද්දෙගමගේ නන්දිමිත‍්‍ර (නව සම සමාජ පක්‍ෂය), වජිරපානි විජේසිරිවර්ධන (සමාජවාදී සමානතා පක්‍ෂය), සරත් මනමේන්ද්‍ර (නව සිහළ උරුමය), රොහාන් පල්ලෙවත්ත (ජාතික සංවර්ධන පෙරමුණ), ඒ. එස්. පී ලියනගේ (ශ‍්‍රී ලංකා කම්කරු පක්‍ෂය), බත්තරමුල්ලේ සීලරතන හිමි (ජනසෙත පෙරමුණ), සජිත් පේ‍්‍රමදාස (නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ), ජයන්ත ලියනගේ (සිංහලදීප ජාතික පෙරමුණ), දුමින්ද නාගමුව (පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය), මහේෂ් සේනානායක (ජාතික ජනතා පක්‍ෂය), අරුණ ද සොයිසා (ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික ව්‍යාපාරය), පි‍්‍රයන්ත එදිරිසිංහ (ඔක්කොම වැසියෝ ඔක්කොම රජවරු සංවිධානය), නාමල් රාජපක්‍ෂ (ජාතික සමගි පෙරමුණ), සුබ‍්‍රමනියම් ගුණරත්නම් (අපේ ජාතික පෙරමුණ).

ස්වාධීන අපේක්‍ෂකයන් 19 දෙනා මෙසේය.

ජයන්ත කැටගොඩ, සිරිපාල අමරසිංහ, අපරැක්කේ පුඤ්ඤානන්ද හිමි, මිල්රෝයි ප‍්‍රනාන්දු, සමන්සිරි හේරත්, සරත් කීර්තිරත්න, අනුරුද්ධ පොල්ගම්පොළ, සමරවීර වීරවන්නි, අශෝක වඩිගමංගාව, බෂීර් සේගු දාවුඞ්, මොහොමඞ් ඉල්ලියාස්, පියසිරි විජේනායක, රජීව විජේසිංහ, කුමාර වෙල්ගම, එම්. කේ. සිවාජිලිංගම්, එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා, අහමඞ් හසන් අලවි, ගුණපාල තිස්සකුට්ටිආරච්චි, මහීපාල හේරත්

පිළිගත් දේශපාලන පක්‍ෂ නොවන පක්‍ෂ වලින් තිදෙනෙකි.

අනුර කුමාර දිසානායක (ජාතික ජනබල ව්‍යාපාරය), චමල් රාජපක්‍ෂ (ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය), අජන්තා ද සොයිසා (රුහුණු ජනතා පෙරමුණ)

ශ්‍රී ලංකාවේ අටවැනි ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළ නාම යෝජනා පත‍්‍ර භාර ගැනීම අද (07 වැනිදා) රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ ශ‍්‍රවණාගාරයේදී සිදු කෙරුණා. 

එහිදී ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 35 දෙනෙකු මේ නාමයෝජනා භාරදුන් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. ඉන් අපේක්‍ෂකයන් දෙදෙනෙකු සදහා විරෝධතා ලැබී තිබුණත් අදාළ විරෝධතා ප්‍රතික්ෂේප කරන බව ද ඔහු කියා සිටියා. ඒ අනුව ප‍්‍රධාන පක්‍ෂවල අපේක්‍ෂකයන් ලෙස ගෝටාභය රාජපක්‍ෂ හා සජිත් ප්‍රේමදාස යන දෙදෙනාගේම නම් පිලිගෙන තිබෙනවා. 

නමුත් චමල් රාජපක්ෂ මහතා අද දිනයේ නාමයෝජනා සඳහා අත්සන් තැබුවේ නැහැ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu