gossiplanka alexa ගෝඨා රට යන්න සැරසේ - විකල්ප ජනාධිපති ලෙස චමල් ඉදිරිපත්වීම ස්ථිරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගෝඨා රට යන්න සැරසේ - විකල්ප ජනාධිපති ලෙස චමල් ඉදිරිපත්වීම ස්ථිරයි

වෛද්‍ය ප්‍රතිකාර ගැන්විම සඳහා තමාට සිංගප්පූරුවට යාමට අවසර ලබාදෙන ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මෝසමක් මගින් අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. ඒ අනුව ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය නිදහස් කර විදේශ ගමන් තහනම ඉවත් කර දෙන ලෙස ද ඉල්ලා තිබෙනවා.

ඔක්තෝබර 09 සිට 12 දක්වා කාලසීමාව දී ඒ මහතා ප්‍රතිකාර ගැනීම සඳහා සිංගප්පූරුවට යාමට බලාපොරොත්තු වන බවයි වාර්තා වන්නේ.

මේ අතර  හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා විකල්ප අපේක්ෂකයෙකු ලෙස ඉදිරි ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා බාර දීමට සූදානමින් සිටින බව විපක්ෂයේ ආරංචි මාර්ග කියා සිටිනවා. ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව අධිකරණයේ පවරා ඇති නඩු හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

පුරවැසි භාවය සම්බන්ධ නඩුවේ තීන්දුව කුමක් වුවත් ඉදිරි කාලයේ දී ද ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව විවිධ නඩු පවරනු ඇතැයි සලකා මෙම තීරණය ගැනීමට තීන්දු කර ඇති බවද වාර්තාවනවා. ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණය තෙක් කාලසීමාවේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට බාධාවක් නොවුවහොත් චමල් රාජපක්ෂ මහතා අපේක්‍ෂකත්වයෙන් ඉල්ලා අස්වනු ඇති.

යම් බාධාවක් වුවහොකත් ඒ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වනු ඇති බවද එම ආරංචි මාර්ග කියා සිටිනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu