gossiplanka alexa චන්ද්‍රිකාගේ මඟ පෙන්වීම මත කුමාර වෙල්ගම ජනාධිපති අපේක්ෂකත්වයට ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

චන්ද්‍රිකාගේ මඟ පෙන්වීම මත කුමාර වෙල්ගම ජනාධිපති අපේක්ෂකත්වයට ?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය නියෝජනය කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා මීළඟ ජනාධිපතිවරණය අපේක්ෂකයෙකු ලෙස ඇප මුදල් තැන්පත් කිරීම හෙට දිනයේ සිදුකිරීමට නියමිත බව වාර්තා වනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග අද දිනයේ පැවැත්වෙන තීරණාත්මක සාකච්ඡාවකින් පසු හෙට දිනයේ ඇප මුදල් තැන්පත් කරන බව එම සංවිධානයේ කැඳවුම්කරු රජික කොඩිතුවක්කු මහතා කියා සිටිනවා.

ඔහු තව දුරටත් කියා සිටින්නේ තම ස්ථාවරය වන්නේ මෙවර ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් විය යුතු බවත් එසේ නොවන්නේ නම් පක්ෂයෙන් වෙනත් අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බවත්ය.

එසේ නොවන්නේ නම් ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස වෙල්ගම මහතා හෙට දිනයේ ඇප මුදල් තැන්පත් කරන බවද ඔහු කියා සිටිනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය මෙහෙයවන්නේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ උපදෙස් හා මග පෙන්වීම මත යයි තොරතුරු පවතිනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu