gossiplanka alexa අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවෙන් පි‍ටුවහල් කරන්න ලියවිලි භාර දෙයි, මහේන්ද්‍රන් සිංගප්පූරුවෙන් පැන යයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවෙන් පි‍ටුවහල් කරන්න ලියවිලි භාර දෙයි, මහේන්ද්‍රන් සිංගප්පූරුවෙන් පැන යයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ සිදුවු බැඳුම්කර වංචාවේ ප්‍රධානතම චූදිතයෙක් වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට පිටුවහල් කරන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා රජය විසින් සිංගප්පූරු රජයට  අවශ්‍ය සියලු ලියකියවිලි මේ වන විට භාර දී තිබෙනවා. ඊයේ දිනයේදී (12) එකී සියලු ලේඛන විදේශ කටයුතු අමාත්‍යංශය හරහා සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාල වෙත යවා තිබුණා. 

ඒ අනුව ඉතාම ඉක්මනින් එම ලියවිලි සිංගප්පූරුවේ විදේශ කටයුතු අමාත්‍යංශයට භාරදීමට නියමිතව තිබෙනවා. එය භාර දුන් පසු උදර්පණ නීතිය යටතේ මහේන්ද්‍රන් ලංකාවට පිටුවහල් කරන්නැයි සිංගප්පූරු රජයෙන් ඉල්ලීමක් කළ යුතුය.

නමුත් සිංගප්පුරුවෙන් ලැබෙන ආරංචි මාර්ග වාර්තා කරන්නේ අර්ජුන් මහේන්ද්‍රන් මේ වන විට සිංගප්පූරුවෙ පදිංචි ස්ථානයෙන් ඉවත්ව ගොස් ඇති බව යි. ඔහු සිංගප්පූරුවේ වෙසෙන නිවසද වසා දමා ඇති බවත් එහි ආරක්‍ෂකයන් පමණක් සිටින බවත් එකී ආරංචි මාර්ග කියා සිටිනවා. 

කෙසේ වෙතත් නිල නොවන ආරංචි මාර්ග පවසන ආකාරයට අර්ජුන් මහේන්ද්‍රන්  නැවතත් සිංගප්පූරුවට එනු ඇත්තේ මාස තුන හතරක පමණ කාලයකින් පසුව බවත් වාර්තා වනවා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu