gossiplanka alexa කවුරුත් හොයන සුපර් ඕවරයේ නීති රීති - ඇත්තටම ලෝක කුසලානය අයිති එංගලන්තයටද ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කවුරුත් හොයන සුපර් ඕවරයේ නීති රීති - ඇත්තටම ලෝක කුසලානය අයිති එංගලන්තයටද ?

එංගලන්ත නවසීලන්ත අවසන් ක්‍රිකට් මහා තරඟයේ දී එංගලන්තයට ජයග්‍රහණය හිමි වුණේ "සුපර් ඕවර්" වටයෙන්. යම් කිසි කණ්ඩායම් දෙකක් ලකුණු තත්ත්වය සම කළහොත් මෙලෙස සුපර් ඕවරයකට මුහුණ දීමට කණ්ඩායම් දෙකටම සිදුවනවා.


එහි දී කවුරුත් කතා බහ කරන සුපර් ඕවරයේ නීති රීති ගැන තමයි මේ කියන්න යන්නේ. එංගලන්තයට ජය හිමි වුණේ කොහොමද කියලා මේ නීතිවලින් ඔබට තේරුම් ගන්න පුළුවන් වේවි.

1. නම් කරන ලද ක්‍රීඩකයින් පමණක් සුපර් ඕවරයට සහභාගී වන අතර එයට පිතිකරුවන් තිදෙනෙක් සහ එක් පන්දු යවන්නෙක් ඇතුළත්.
2. දෙවැනියට පන්දුවට පහර දුන් කණ්ඩායම සුපර් ඕවරයේ පළමුවෙන් පන්දුවට පහර දෙයි.
3. පන්දු රකින කණ්ඩායම පන්දු යවන අන්තය ‍තෝරා ගනී.
4. වැඩිම ලකුණු ලාභී කණ්ඩායම ජහග්‍රාහී කණ්ඩායම ලෙස සලකයි.
5. කඩුළු දෙකක් බිඳ වැටීමෙන් එක් කණ්ඩායමක ඉනිම අවසන් වේ.
6. සුපර් ඕවරයකදි කණ්ඩායම් දෙකෙහි ලකුණු සම වුවහොත් වැඩිම හයේ සහ හතර පහර එල්ල කල කණ්ඩායමට ජයග්‍රහණය හිමිවේ. 

නවසිලන්ත කණ්ඩායම සිය පන්දු ඕවර 50 තුලදී හතරේ පහරවල් 14 සහ හයේ පහරවල් 02 ක් එල්ල කළ අතර එංගලන්ත පිතිකරුවන් සිය ඉණිම තුලදී හතරේ පහරවල් 22ක් සහ හයේ පහරවල් 2ක් එල්ල කර තිබුනා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu