gossiplanka alexa එදා මෙදාතුර සිදු වූ දරුණුතම කාන්තා දූෂණයට ගොඳුරු වූ අහිංසක පාසැල් සිසුවියගේ කතාව

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

එදා මෙදාතුර සිදු වූ දරුණුතම කාන්තා දූෂණයට ගොඳුරු වූ අහිංසක පාසැල් සිසුවියගේ කතාව

එදා මෙදා තුර ලෝකයේ සිදුවූ දරුණුතම කාන්තා දූෂණය ජපානයෙන් වාර්තාවනවා.. ඒ 1988 නොවැම්බර් 22 වැනිදා "ජුන්කෝ ෆුරූටා" නමැති ජපන් ජාතික පාසැල් සිසුවියක් පැහැරගෙන ගොස් 400 වතාවකට වැඩි ප්‍රමාණයක් දූෂණය කර මරා දැමීමයි.

ජුන්කෝ ෆුරූටා ලස්සන පාසැල් සිසුවියක්. ඇය ඉපදුණේ ජපානයේ. මේ සිදුවීම වනවිට ඇයට වසය 16ක්. යාන්තමින් තරුණ වි‍යට පා තබන්නට වෙර දරන අවධියක්. 1989 ජපානය අද මෙන් නොවන නොදියුණු තත්ත්වයක පසු වූ යුගයක්. පාසැල් ළමුන් අතර මත් ද්‍රව්‍ය භාවිතය සුලභව දකින්නට ලැබුණා. විශේෂයෙන් පාසැල් පසුබිම තුළ ගැහැණු පිරිමි භේදයක් නොමැතිව මත් ද්‍රව්‍ය වලට දැඩි ආකර්ශණයක් තිබුණු යුගයක්.


නමුත් ජුන්කො නම් මෙම මත් ද්‍රව්‍ය වලින් වැළකී සිටි කෙළිලොල් මෙන්ම ඉගෙනීමෙත් දක්ෂ අහිංසක දැරියක්. ඇගේ කෙළිලොල් කඩිසර හැසිරීම නිසාත් සම වයසේ අනෙක් අය මෙන් ඇය මත් ද්‍රව්‍ය දුම් වැටි ආදිය නොබොන නිසාත් ඇය පිරිමි ළමුන් අතර නිරන්තර කථා බහට ලක් වූ අයෙක් වුණා.

අවුරුදු දහ අටක් වයසැති හිරෝෂි මියානෝ ට ඇය ගැන ආකර්ෂණයක් ඇති වන්නේ මේ කාල වකවානුවෙයි. ඔහු ඒ පිළිබඳ ඇගෙන් විමසා සිටියත් ඇය ඇගේ මිතුරියන් ඉදිරියෙහි ඔහුව ප්‍රතික්ෂේප කරන්නේ ඔහු නොසිතනපරිද්දෙන්. එයින් නොසැළෙන ඔහු කිහිප දිනක්ම ඇය ලුහුබැඳ යන්නේ පාසැල් නිමවී අමතර ආදායමක් සඳහා ඇය සේවා නිම කර ඇගේ පා පැදියෙන් නිවෙස් කරා යන අතර තුරයි. වරෙක ඇයගේ බයිසිකලයද බිම හෙලමින් ඔහු තර්ජනය කර සිටිනවා. නමුත් ඇය දිගින් දිගටම ඔහුව ප්‍රතික්ෂේප කරනවා.

මින් කිපෙන ඔහු තීරණය කරන්නේ තවත් යහලුවන් තුන් දෙනෙකු සමග ඇයව පැහැර ගැනීමටයි. අමතර රැකියාව අවසාන වී රාත්‍රියේ තනිව නිවෙස් බලා යන ඇය ඔවුනට මෙම ක්‍රියාව තවත් පහසු කරනවා.

වැඩි ශ්‍රමයක් නොයොදාම ඇයව පැහැර ගන්නා ඔවුන් ඇයව ගෙන යන්නේ, ඔවුන්ගෙන් එක් අයකුගේ දෙමා පියන්ට හිමි නිවසක් වෙතයි.

ඇය මේ යන්නේ ඇගේ සොහොන් ගෙයට දැයි ඇයගේ සිතෙහි කොනකවත් තිබෙන්නට නැතිව ඇති. එම නිවසට ඇයව ගෙන යන ඔවුන් පළමුවෙන්ම කරන්නේ ඇය ලවා ඇගේ නිවසට දුරකථන ඇමතුමක් ගෙන ඇය ඇයගේ පෙම්වතා සමඟ පැමිණි බවත් ඇය පිළිබඳ නොසොයොන ලෙසටත් ඇය ලවාම ඇගේ දෙමවුපියන්ට කීමයි. භියට පත් ව සිටි ඇය දෙවරක් නොසිතාම එය කරන්නේ ඇයගෙන් ප්‍රයෝජන ගැනීමෙන් පසුව ඇය නිදහස් කරතැයි යටි සිතේ අදහසක් ඇතුව විය හැකියි.

මෙලෙස ඇය පිවිසෙන්නේ මිහිපිට අපායේ ප්‍රථම දිනයට බව පසක් වීමට ඇයට වැඩි කාලයක් ගත නොවන්නේ, පිරිමි ළමුන් සිව් දෙනාගෙන්ම ඇය දූෂණයට ලක් වීමත් එය එක් වරක් නොව මුළු රාත්‍රිය පුරාවටම වරින් වර එක දිගටම සිදු වීමත් සමඟයි.

මෙතැන් පටන් ඇගේ ජීවිතේ සිදු කළ යුතුව තිබූ එකම දෙය ඔවුන්ගේ අසීමිත මළ දොළ පින වීමයි. දින දෙක තුනකින් සිය ජීවිතය නීරස වී යන ඇය සැලසුම් කරන්නේ කෙසේ හෝ ඉන් මිදී පලා යාමටයි. දිනක් මෙම පුද්ගලයින් බීමත්ව නිදා සිටින අතර ඇය පැන යාමට තැත් කරන්නේ එනිසයි. නමුත් නොසිතූ විරූ ලෙස අවදි වන ඔවුන්ගේ අතට අසු වන ඇය එළැඹෙන්නේ ඇගේ අපා ජීවිතෙ දෙවන අදියරටයි ඒ වන විට දින තුනක් හතරක් ගතවී තිබෙනවා.

තව දින හතලිහක පමණ වේදනාකාරී දිවියක් ගෙවීමට මෙය මූලාරම්භය විය හැකි යැයි අසරණ ජුන්කෝ ට නොසිතෙන්නට ඇත. ඇයව අල්ලාගෙන නැවත එම නිවසෙහි උඩු මහලට ගෙන එන ඔවුන් කරන්නේ ඇය පැන යාමට කළ උත්සහයට දඩුවම් ලෙස මාරුවෙන් මාරුවට ඇයට පහර දීමයි. එම පහර දීම් වලින් බහුතරයක්ම ඇගේ මුවට එල්ල වූ අතරම, ඇගේ නහස් අස්ථි බිඳී නාස‍ය රුධිරයෙන් පිරී යන්නට වීම නිසා නාසයෙන් හුස්ම ගැනීම අපහසු වන ඇයට හුස්ම ගැනීමට වන්නේ මුඛයෙන්.

රුධිරය පිරි නාසයෙනුත් ඉදිමුණු මුවෙනුත් යුතුව ඊළඟ දින කිහිපයට පා තබන ඇයට සිදු වන්නේ නිරාහාරව සිටීමටයි, නිරාහාරව ක්වුවද නිරාහාරව පමණක් නොව දිය උගුරක් කුදු නොමැතිවය. එහෙත් එම පුද්ගලයන් හතර දෙනා ගේ පමණක් නොව තවත් අයගේද මළ දොළ පින වීමට ඇයට සිදු වන්නේ ඇය නොසිතූ ආකාරයෙන්. මෙලෙස අනූවකට වැඩි පිරිසකගෙන් දූෂණය වන ඇය නිරාහාරවම දින දෙකක් පමණ ගත කරනවා.

තවමත් ඇගේ අපා ජීවිතෙන් කාලක් වත් ගෙවී අවසාන නැහැ. කෑමට හෝ බීමට යමක් ඉල්ලා සිටින ඇයට සිදු වන්නේ කැරපොත්තන් ආහාරයට ගැනීමට සහ ඇගේම මුත්‍රා පානය කිරීමටයි. මේ අතර වරින් වර වතුර පමණක් ස්වල්ප වශයෙන් ලැබුණු ඇයට කලාතුරකින් ආහාරයට යමක් ලැබුණා.

මෙලෙස කාලය ගත වීමත් සමග ඇය ඇයගේ අපා ජීවිතේ ඊලඟ අදියරට එළඹෙන්නේ අසීමිත ලිංගික ආශාවෙන් පෙලුණු මොවුන්ගේ ලිංගික ආශාවන්ට අමතරව වෙනත් මානසික ආශාවන් පිනවීමට සිදු වීමත් සමගයි.

මත් ද්‍රව්‍යයන්ගෙන් මත් වී එම කාමර‍යට පැමිණෙන ඔවුන් කරන්නේ ඇයව රැහැනකින් සිවිලිමේ එල්ලීමයි. ඒ කුමකට දැයි පසක් වීමට ඇයට වැඩි කාලයක් ගත වන්නේ නැහැ. ඇයට සිදු වන්නේ මෙම අමනුෂ්‍යයන්ගේ බොක්සින්ග් බෑගය බවට පත් වීමටයි. ඔවුන්ගේ බොක්සින්ග් බෑගය බවට පත් වන ඇය නොනවත්වා එක දිගටම සිය උදරයටත්, පපු පෙදෙසටත් පහර ලබන්නේ ඇගේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් අකර්මන්‍ය කරමින්.

මෙලෙස සිවිලිමේ එල්ලීමෙන් රැය පහන් කරන ඇය ඊළඟ දිනයට එළඹෙන විට ඇගේ අපා ජීවිතෙන් කාලක් පමණ ගෙවා අවසන් කර තිබුණා.

එදිනෙන් පසුව ඇයට ආහාරයට යමක් ලැබුණද දැඩි ලෙස හානියට පත්ව තිබූ ඇගේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් ආහාර තබා දිය පොදක් කුදු ප්‍රතික්ෂේප කරන්නේ ඇයව තව දුරටත් විජලනයට පත් කරමින් පමණක් නොවන අතර ගෙබිමෙහි වමනය කිරීම නිසා තවත් අර අමනුස්සයින් කුපිත කරමිනි, මේ නිසා ඇයට තව තවත් පහර කෑමට සිදු වුණා.

මින් මත්තට දූෂණය වීම හෝ සුළු පහර දීම් වලට ඇගේ සිරුර ප්‍රතිචාර නොදැක්වීම ඇගේ අපා ජීවිතේ මීළඟ අදියරට ඇයව ගෙනගියා. අසීමිත කාමුක ආශාවන්ගෙන් හෙබි වූ මොවුන්ගේ මීළඟ පියවර වන්නේ ඇගේ යෝනි මාර්ගයෙන් සහ ගුද මාර්ගයෙන් විවිධ දෑ ඇතුළු කිරීමයි. ඒ අතර යකඩ දඬු මෙන්ම ඉතා තියුණු උපකරණ ද , මිනිස් සිතින් සිතා ගත නොහැකි පරිදි දැල්වෙන විදුලි බුබුලු මෙන්ම දැල්වෙන නිලා කූරු වැනි කෲර දේද වනවා.

මේ වන විට ඇගේ අපා ජීවිතෙන් භාගයක් පමණ ගෙවා අවසන්.

දූෂණයට ළක්වීම නම් දැන් ඇයට සාමාන්‍ය නමුත් දැඩි ලෙස තුවාල වී තිබෙන ඇගේ එම ඉන්ද්‍රියන් නිසා එය ඉතාමත් වේදනාකාරී වුණා. නමුත් දිගින් දිගටම මෙය සිදු වුණා. මේ වන විට දෙසැම්බර් මාසය නිසා එය ජපානයේ ශීත කාලය ආරම්භ වී තිබුණා. හිම මිදෙන සුන්දර ශීත කාලය ජුන්කෝ ට නම් තව දුරටත් සූන්දර නොවන්නේ වේදනාකාරී ඇගේ ශරීරයට මෙදෙන ශීතලෙන් යුත් බැල්කනියේ රැය කිහිපයක්ම පහන් කිරීමට සිදු වීම නිසයි.

එපමණක් නොව ඇයට පසු කරන්නට වන ඊළඟ අත්දැකීමද ඉතාමත් කුරිරුය. බිම උඩුබැලි අතට අත් පා ගැට ගසන ඔවුන් කරන්නේ ඇගේ බඩට ඩම්බෙල් අත හැරීමයි. කිහිප වතාවක්ම මෙය සිදු කිරීමෙන් හානි වන ඇගේ බඩවැල් වල ක්‍රියා කාරිත්වය මින් නවතියි. මේ නිසා බඩවැල් වල පාලනය සිදු නොවීම නිසා මෙතැන් පටන් ඇයට ඇඳි වතේම මළ පහ වෙයි. (Loss of bowel control)

තවමත් ක්‍රියාකාරී ඇගේ මනස දකින්නේ අර අමනුස්සයින් බීමතින් නිදා සිටීමයි, අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට තැත් කරන ඇය උත්සහ කරන්නේ පොලිසියට දුරකථන ඇමතුමක් ගැනීමටයි... නමුත් අහෝ අවාසනාවක මහත. මෙවරද ඇය ඔවුන්ගේ අතට අසු වන්නේ ඇගේ අපා ජීවිතෙ අවසන් භාගයටපැමිණෙමින් සිටියා.

මෙවර අධික කෝපයට පත් වන ඔවුන් කරන්නේ ඇයට පහර දීම නොව, ලයිටර් ඉන්ධන දමා ඇගේ දෙපා ගිනි තැබීමයි, අධික වේදානාවෙන් කෑ ගසමින් ඇගේ දෙපා ගිනි ගන්නට වීම අර අමනුස්සයින්ට නම් සිනහවට කාරණාවක්.

මෙතැන් පටන් ඇයට අවිදීමට තබා සිට ගැනීමට පවා නොහැකිවනවා. මුත්‍රා කිරීමට පහත මහලට පැමිණීමටද ඇයට පැයක පමණ කාල‍යක් ගත වනවා. මේ වනවිට ඇගේ නිය පොතු ද තැලී ඇති බැවින් කිසිවක් අතින් ඇල්ලීමටද නොහැකිය, එමෙන්ම කන් බෙරයද පුපුරා ඇති අතරම මොළයද ප්‍රමාණයෙන් කුඩා වී ඇත. සියොළඟම වේදානාවෙන් මිරිකී ගොසින්ය. පාද පමණක් නොව ඇගේ ශරීරයේ විව්ධ ස්ථානයන් පුච්චා දමා තිබුණේ සිග‍රැට් වලින්.

මෙලෙස ගෙවී යන්නේ 1988 වර්ෂයයි, සියළු දෙනා අළුත් අවුරුද්ද ට පා තබන්ට සෑරසෙන ඒ රාත්‍රිය ජුන්කෝ ගේ අවසාන රාත්‍රිය විය හැකියැයි ඇය හීනෙන් වත් නොසිතන්නට ඇත. ඒ වන විට ඇගේ අපා ජීවිතෙන් දින 44 ක් ගෙවී අවසානයි.

වෙරි මතින් සහ මත් ද්‍රව්‍ය වල මතෙන් කාමර‍යට පැමිණෙන ඒ අමනුෂ්‍යයන්ගෙන් ඇය යදින්නේ ජීවිතය නොව මරණයයි, ජීවිතය තබා මරණයවත් දීමට අකැමැති වන ඔවුන් ඇයට ආරාධනා කර සිටින්නේ ඔවුන් සමඟ ජපන් සොලිච්යර් ක්‍රීඩා කරන ලෙසයි. ක්‍රීඩාවෙන් දිණුවොත් ඇයව නිදහස් කරයි යන අහිංසක පැතුම ඇගේ සිත තුළ ජනිත වන්නට ඇත. සියළු වේදනා අභිබවා ක්‍රීඩා කරන දක්ෂ ඇය තමන්ද නොසිතන අයුරින් එම ක්‍රීඩාව ජයග්‍රහණය කරන්නේ ඇගේ ජීවිතයේ අවසාන පැය කිහිපය උදා කරමින්.

ඇගේ ජයග්‍රහණයෙන් කුපිත වන මේ අමනුස්සයින් බර ඉසිලීම සඳහා භාවිතා කරන යකඩ දඬු වලින් ඇයට පහර දෙනවා. උහුලාගත නොහැකි වේදනාවෙන් ඇඹරෙන ජුන්කෝ දෙස බලා සිටින ඔවුන් ඉන් නතර වන්නේද නැත. මේ ජුන්කෝ විඳි අවසාන දඬුවමයි.

ලයිටර් ඉන්ධන අතට ගන්නා ඔවුන්, දැනටත් පිළිස්සී වේදනා නගන ඇගේ දෙපා වලටත් මුහුණටත් උදරයටත් ඒවා වක් කරන්නේ ඇයව මෙලෙස පණ පිටින් ගිනි තබා සිනහා වීමටයි. දැනටමත් අපා දුක් දහසක් පමණ විඳ ඇති ඇයගේ ජීවිතය අළුත් අවුරුදු උදාවත් සමඟ අවසන්වනවා.

වහ වහා ක්‍රියාත්මක වන මේ අමනුෂ්‍යයින් මීළඟට කරන්නේ අළුත් අවුරුදු උදා වනවාත් සමඟ ජුන්කෝගේ මළ ශරීර‍ය වළලා දැමීමය. ඒ බැරලයක් තුළට දමා කොන්ක්‍රීට් දැමීමෙනි. මෙලෙස කොන්ක්‍රීට් බැරලයක් තුළ සිර වන ජුන්කෝගේ සිරුර ඔවුන් ගෙනැවිත් දමන්නේ ටෝකියෝ නගරයටයි.

කෙසේ වෙතත් ඇගේ හිස කෙස් කොන්ක්‍රීට් වලින් ඉහළට මතුවී තිබීමෙන් ඇගේ සිරුර හඳුනා ගන්න ජපන් පොලිසියට ඇයගේ මිනීමරුවන් නීතියේ රැහැනට කොටු කර ගැනීමනම් අසීරු කටයුත්තක් වන්නේ නැහැ. නමුත් අවාසනාවකට ඔවුන්ද තවමත් අවුරුදු දහ අටට අඩු නිසා ඔවුන්ට දඬුවම් ලබා දීමට තවත් අවුරුදු කිහිපයක් බලා සිටීමට සිදුවනවා.

සිද්ධිය සැළ වූ සැණින් ඇගේ ආදර මෑණියන් සිහි සුන් වීම නම් පුදුමයට කරුණක් නොවෙයි. කෙසේ නමුත් වයස සම්පූර්ණ වීමෙන් පසු සිර දඬුවම් විඳි ඇයගේ මිනී මරුවන් අවුරුදු විසි පහකින් පසු නිදහස් වුණා.





ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu