gossiplanka alexa ශ්‍රී ලාංකික සුපිරි දඟ පන්දු වීරයා දකුණු ඉන්දියාවේ නළු චරිතයකට - නම '800'

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලාංකික සුපිරි දඟ පන්දු වීරයා දකුණු ඉන්දියාවේ නළු චරිතයකට - නම '800'

මුත්තයියා මුරලිදරන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ වඩාත්ම සාර්ථක පන්දුයවන්නා බවට පත්වන්නේ දෙවන ස්ථානය හිමිකරු වන ෂේන් වෝන්ට වඩා කඩුලු 92 වැඩියෙන් ලබාගෙනය. ඔහු එක්දින එක්දින තරගවලදී කඩුලු 534 ක් හා විස්සයි 20 තරග 12 කදී කඩුලු 13 ක් දවාගෙන තිබෙනවා. ඒ අනුව ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දවාගෙන ඇති කඬුළු සංඛ්‍යාව 1,247 ක්. 

එදා මෙදා තුර බිහි වූ මේ සුපිරිම දඟ පන්දු යවන්නාගේ චරිතය සිනමා පටයකට නැංවීමට සූදානමක් ඇති බවක් ඉන්දියාවෙන් වාර්තා වනවා. දකුණු ඉන්දියානු සුප්‍රකට නළු විජය සේතුපති මුරලිගේ චරිතයට ‍තෝරාගෙන ඇති බවයි පැවසෙන්නේ. 

‘800’ ලෙස නම්කර ඇති මෙම චිත්‍රපටය හරහා මුරලිගේ ටෙස්ට් දිවියේ සුවිශේෂි කඩුලු කිහිපයක් පිළිබඳව අවධානය යොමුකිරිමට නියමිතව බව සඳහන්.

දෙසැම්බර් මාසයේදී රූ ගත කිරීම් ආරම්භ කිරීමට නියමිතය.  මෙම චිත්‍රපටයේ රූගත කිරීම් ශ්‍රී ලංකාව, එංගලන්තය, ඉන්දියාව හා ලෝකයේ තවත් රටවල් කිහිපයක සිදුවීමට නියමිතයි. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu