gossiplanka alexa රියදුරු බලපත්‍රයට වෛද්‍ය සහතික ලබාගැනීමට යෑමේදී සිදුවන අරුම පුදුම දේවල්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රියදුරු බලපත්‍රයට වෛද්‍ය සහතික ලබාගැනීමට යෑමේදී සිදුවන අරුම පුදුම දේවල්

රියදුරු බලපත්‍ර සඳහා වෛද්‍ය සහතිකය ගැනීමට යාමදී සිදුවන දුෂ්කරතා ගැන උපුටා ගත් සටහනකි. "ලයිෂන් මෙඩිකල් එක ගන්න කට්ට කවන මාතර ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ අරුම පුදුම පෝලිම

අපේ රටේ රාජ්‍ය සේවය කොයි තරම් කාර්යක්ෂමදැයි කියා මාතර කොටුවේගොඩට උදේට ගියොත් දැක බලා ගන්න පුලුවන්.රියදුරු බලපත්‍රය ලබා ගන්න අවශ්‍ය වෛද්‍ය සහතිකය ගන්න අය විදින දුක දැක්කම අපි ඉන්නේ මොන සියවසේද කියලා හිතා ගන්න බැහැ.


සමහරු උදේ දෙකේ තුනේ ඉදලයි මේ පෝලමට එකතු වෙන්නේ.දෙනියාය,මොරවක,ඌරුබොක්ක වගේ දුර බැහැර ඉදලා එන අය කලින් දවසේ මාතරට ඇවිත් හෝටලයක නතර වෙලා රෑ පාන්දර පෝලිමට සෙට් වෙනවා.

ඒ වගේම මේ පෝලිමත් විධිමත් නෑ.අංක දහයට පහලොවට පෝලිමේ ඉදලත් එක වැස්සක් වැස්සොත් ඒ තැන වෙනුවට අංක සීය එකසිය විස්ස හමු වෙන්නේ.ඒ තරමටම අසාධාරණයි.ඒ වගේම පැය හතර පහ හිට ගෙන ඉදලා වැස්සොත් තෙමෙන්නත් අව්ව වේලාවට පිච්චෙන්නත් වෙනවමයි.

අපි පාන්දර දුක් විදලා පෝලිමේ ඉන්නකොට ඒකේ වැඩ කරන නෝනලා මහත්තයලා හොදට බුදියගෙන උදේ 8.30 ට ඔන්න එනවා රස්සාවට.ඒ ඇවිල්ලත් ඔවුන්ගේ රෙස්පට් එකේ නම් කිසි අඩුවක් නෑ.අපි සල්ලි ගෙවලා මෙඩිකල් එක ගන්න ආව වුනත් උසාවියේ වගේ නීති රීති වලට යට වෙලා ඉන්න ඕන.

පසුගිය දවසක පෝලිමේ අංක 10 ට විතර හිටියේ මොරවක ඉදන් ආපු කාන්තාවක්.ඇය අත් බෑගය අරගෙන ඇවිත් .උදේ 5.00 ආපු ඇයට ඇතුලට යන්න දුන්නෙම නෑ.අත් බෑගය තියන නිසා.ඊට පසු ඇය එලියට ගිහින් කඩේකින් ඒක තියලා ආවා.එතකොට ඇයට ලැබුණේ 121 වැනි අංකය.ඒ වගේම මේ දවස්වල නම් ඇතුලට ගියාම කෑම එකක්වත් කන්න එලියට එන්න දෙන්නේ නෑ.ආරක්ෂක හේතූන් මත කියලා.නමුත් අර පෝලිමේ සිය ගානක් ඉද්දී පිපුරුවට කමක් නෑ.සමහරවිට කාර්ය මණ්ඩලය ඒ වෙලාවට එතැන නැති නිසා වෙන්න ඇති.

කොහොම හරි බොහොම අමාරුවෙන් ගිහින් නීති රීති වලට යට වෙලා වෛද්‍ය පරීක්ෂණයට පෙනී ඉදලා සීනි හරි ඇස් පෙනීම හරි දුර්වල වුනොත් දෙවියන්ගෙම පිහිටයි.ඒවා නිවැරදි කර ගෙන ආපහු පෙර පරිදිම යන්න වෙනවා.

පැය හතර පහකින් පසු මෙඩිකල් එක අර ගෙන ලයිෂන් එක ගන්න නම් තව එක දවසක් නිවාඩු දාලා කට්ට කන්න වෙනවා.ඒකත් කමක් නෑ කියමුකො.
මාතර ප්‍රවාහන වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පෝලමේ ඉන්නකොට නම් හිතෙන්නේ සසර වසනාතුරු මෙවැනි දුකක් නොම වේවා කියලයි.අලුතින් වෛද්‍ය පරීක්ෂණයක් තියන්න ඕන නෑ.උදේ ඉදලා මේ දෙන වධය ඉවසගෙන ඉන්න පුලුවනි නම් ඒ වෛද්‍ය පරීක්ෂණය හොදටම ඇතියි කියලයි හිතෙන්නේ.මොකද හොද ශරීර සෞඛ්‍යයක් නැත්නම් මේ පෝලිම් කට්ට කන්න බැහැ.අනිවාර්යෙන් මගදී ඇද වැටිලා මැරෙනවා.


ඇත්තටම අපේ රටේ කොච්චර දියුණුයි කීවත් තවම ආදි කාලේ වගෙයි මේ පෝලිම දකිනවිට පේන්නේ.එක්කෝ මේක පුද්ගලික අංශයටත් දෙන්න ඕන.නැත්නම් රජයේ රෝහල් වලටවත් කොටසක් පවරන්න ඕන.එහෙමත් බැරි නම් වෛද්‍යවරු හා කාර්ය මණ්ඩලය වැඩි කරන්න ඕන.ප්‍රමාණවත් ඉඩ පහසුකම් තියන තැනකටවත් ගෙනියන්න ඕන.ලයිෂන් අලුතින් ගන්න ,අලුත් කරන්න,බරවාහන ,සැහැල්ලු වාහන කියා දින වෙන් කරලා ප්‍රසිද්ධ කරලා තියෙන්න ඕන.ඒ වගේම කාර්ය මණ්ඩලයට සුහද ශීලිව වැඩ කරන්න පුහුණුවක් දෙන්න ඕන.නැත්නම් අපේ සල්ලි වලින් අපිටම ගහනවා වගේ වැඩක් තමයි සිද්ධ වෙන්නේ.

එහෙම නැත්නම් සදාකාලිකව ඔබටත් මේ පෝලිමේම පිහිට තමයි...ප්‍රවාහන අමාත්‍යංශයේ බලධරයිනි මේ ඔබේ අවධානය පිණිසයි."

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu