gossiplanka alexa ඉතිං අපි ඔහුට ගෞරවාන්විත සමුගැනීමක් ලබා දෙමු !!!

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉතිං අපි ඔහුට ගෞරවාන්විත සමුගැනීමක් ලබා දෙමු !!!

කුලසේකර මුදියන්සේලාගේ දිනේස් නුවන් කුලසේකර නමින් 1982 ජූලි 22 නිට්ටඹුවේදී උපන් කුලේ නිහතමානී ගුණාංගය පිරි  සිංහ පෝතකයෙකි. 

ගම්පහ බණ්ඩාරනායක විදුහලේ පාසල් ක්‍රිකට් කණ්ඩායමෙන් ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තබන නුවන් කුලසේකර බස්නාහිර උතුර ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරමින්ද පසුව colts ක්‍රීඩා සමාජය නියෝජනය කරමින්ද ගාල්ල ක්‍රිකට් සමාජය මෙන්ම SLPL තරගාවලියේදී Kadurata Maroons කණ්ඩායම නියෝජනය කරමින්ද දේශීය ක්‍රිකට් වර්ණවත් කල කුලේ ජාතික කණ්ඩායමේ වසර දහයක් පමණ ආරම්භක පන්දු යවන්නා ලෙස ලසිත් මාලිංග සමග ක්‍රීඩා කරමින් ලක් මාතාවගේ නාමය ජාත්‍යන්තරය ඉදිරියේ තවත් ඔසවා තැබීමට මහත් දායකත්වයක් ලබා දුන් ක්‍රීඩකයෙක්. 

සිහින් සිරුරකට හිමිකම් කියන මේ හීන්දෑරි ක්‍රීඩකයාගේ ඔෆ්ෆ් සේම් සහ රෙවෙර්සෙ ස්වින්ග් පන්දු හමුවේ ලෝක පූජිත පිතිකරුවන් පවා භීතියකට මෙන්ම මවිතයට පත් කලා. 2014 වසරේ T20 ලෝක කුසලානය මෙරට ක්‍රීඩා ලෝලීන්ට උරුම කර දෙමින් ලසිත් මාලිංග සමග ඔහු ලෝකයට අලුත් නිලකුණු පන්දු ක්‍රමවේදයක් හදුන්වාදෙමින් අවසාන පන්දුවාර පහ තුළ යැවූ wide yokers මෙරට ක්‍රීඩා ලෝලීන්ගේ මතකය තුළ පමණක් නොව ලොව සියලුම ක්‍රීඩා ලෝලීන්ගේ මතකය තුළ නොමැකෙන සටහනක් තැබුවා. 

2003 දී එංගලන්තය ට එරෙහිව දඹුල්ලේ දී ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය ආරම්භ කරනවා. නවසීලන්ත හමුවේ දී 2005 වසරේ දී ටෙස්ට් වරම් ලබා ගන්නා ඔහු ඉදිරියේ පැවතියේ පැහැබර අනාගතයක්. වරෙක කණ්ඩායමෙන් ඉවතට විසිවෙමින් නැවත වරෙක ඔහුගේ දක්ෂතා පෙන්වමින් රට වෙනුම් කුලේ මහඟු සේවයක් ඉ‍ටු කරනවා. 

ශ්‍රී ලංකා ක්‍රිකට් අගාධයකට වැටුනු අවස්ථා වල නැවත කණ්ඩායම සදහා කැන්න්ශවන ඔහු එහිදී ජයග්‍රහණය කරා කණ්ඩායමේ බර කරට ගෙන ක්‍රීඩා කරනවා. 

1 - එංගලන්තය සමග පැවති තරගයකදී සුනිල් ගවස්කාර් ගේ සමච්චලයට ලක් වෙමින් නයිට් වොච්මන් ලෙස ක්‍රීඩා පිටිය තුළට පැමිනි ඔහු සුනිල් ගවස්කාර් ගේ ඇදුම් උනා දමා ලොවට නිරුවත පෙන්වූයේ තම සගයා ලෙස කුමාර් සංගක්කාර පසෙක සිටුවමින්ය.

2 - ඕස්ට්‍රේලියානු බිමේදී ගැබා ක්‍රීඩාංගනයේදී ඔසියන් මවිත කරවමින් ඉතා අඩු ලකුණු ප්‍රමාණයකයට දවා ගන්නවා. 

3 - 2014 විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් තරගයේදී විරාත් කෝලි දෝනි ප්‍රමුඛ ඉන්දියානුවන් දෑස් දලිවා සිටියදී අවසන් පන්දුවාර දෙක යැවූයේ තමා කවරෙක්දැයි ලෝකයාට පසක් කරමින්. 

මේ ඔහුගේ මතකයන් කිහිපයක් පමණි. 

සැමවිටම සොදුරු සිනහවකින් මුව සරසා ගන්නා මේ සොදුරු ක්‍රීඩකයා හැම විටම තම උපරිම දක්ෂතාවය කණ්ඩායමට අවශ්‍ය මොහොතක පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ද ලබා දී ඇති අපිට මතකයේ රැදුණු තරග සංඛ්‍යාව විශාලයි. විශේෂයෙන්ම කුලේ යනු සාමාන්‍ය පන්දු යවන්නෙක් නොව තරග දිනවන පන්දු යවන්නෙක්. බොහෝ දෙනාගේ ආදරයට පාත්‍ර වූවත් ලේජන්ඩ් යන ලේබලය ඔහුට නොවැදී තීබීම දෛවයේ සරදමක්. 


කුලේ ගැන කුලේට ආදරේකරන මිනිසුන් ලියපු ආදරණීය කතා





සිය ජාත්‍යන්තර ක්‍රිකට් ජීවිතයට සඳහටම සමු දෙන්නට තීරණය කළ මේ නිහඬ තරඟ දිනවන්නා ඒ පිළිබඳව නිලවශයෙන් දැනුම් දෙනු ලැබුවා.

ඉතිං අපි ඔහුට ගෞරවාන්විත සමුගැනීමක් ලබා දෙමු !!!

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu